IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අනියම් පෙම් රස බලන්න ගිහින් වල් ඌරෙක් ගහලා

(හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන)
බිරිය රාජකාරියට ඇරලවා අනියම් බිරිය බැලීමට ගොස් වල් ඌරකුගේ ප්‍රහාරයට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ගන්නට සිදුවූ නිලධාරියකු පිළිබදව කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය රෝහලකින් වාර්තා වේ.


 බිරිය සිය සේවා ස්ථානය අසලින් බස්සවා සේවයට යන සැමියකු සිටි අතර දෙදෙනාගේ සේවා ස්ථාන දෙක අතර කිලෝමීටර් දහයක් පමණ දුරක් තිබෙන අතර ඉන් සැමියා සේවය කරන්නේ අතිදුෂ්කර ප්‍රදේශයක බව ද පැවැසේ. සුපුරුදු පරිදි එදින ද බිරිය කාර්යාලය අසලින් බස්සවා සැමියා සේවයට ගොස් පසුව යතුරුපැදියේ නැගී අනියම් බිරිය වාසය කරන නිවසට ගොස් ඇත. නිවසේ කිසිවකුත් නොමැති නිසා ඇයට දුරකතන ඇමතුමක් ගෙන ඇය සිටිනා තැන විමසා නිවසට නුදුරින් පිහිටි ඇය වැඩ කරමින් සිටි වගාබිමට ගොස් ඇතැයි පැවැසේ.


වගාබිමෙහි ඇති ගසක් යට දෙදෙනා කතා කරමින් සිටියදී අසල්වැසි කාන්තාවක හේන දෙසට පැමිණෙන ආකාරය දැක දෙදෙනාම කලබලයට පත්ව තිබේ. පෙම්වතා අසල ඇති වන ලැහැබට පැන එහි සැඟව හේන දෙස බලා සිට ඇති අතර ඒ අවස්ථාවේ තඩි වල් ඌරකු එක්වරම ඇඟට පැන පහර දී ඇතැයි පැවැසේ. කටුගාලක පැටළුණ ඔහු කරකියාගත දෙයක් නොමැතිව කෑගසා ඇති අතර හේනේ සිටි කාන්තාවන් දෙදෙනා පැමිණෙන විට ඌරා කැලයට පැනගොස් තිබේ. 


ඌරාගේ ප්‍රහාරයෙන් දෑත්වලට තුවාල සිදුව ලේ වැගිරෙමින් සිටි පුද්ගලයා වන ලැහැබෙන් එළියට ගෙන අසල්වැසියකුගේ යතුරුපැදියකින් රෝහලට රැගෙන ගොස් ඇති අතර ඔහු දින දෙකක් රෝහල්ගතව ප්‍රතිකාර ලබාගත් බව පැවැසේ. යතුරුපැදියෙන් ඇදවැටීමෙන් තුවාල සිදුව ඇති බව පවසා රෝහලෙන් ප්‍රතිකාර ලබාගත්ත ද සිද්ධිය ප්‍රදේශය පුරා පැතිර යාම නිසා කාන්තාව සති කිහිපයක් තම නිවසට ගොස් සිට ඇති බවත් නිලධාරී මහතා සිය ප්‍රධානියා මාර්ගයෙන් වෙනත් කොට්ඨා සයකට මාරුවීමක් ලබාගෙන ගොස් ඇති බවත් පැවැසෙයි.

 



අදහස් (0)

අනියම් පෙම් රස බලන්න ගිහින් වල් ඌරෙක් ගහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 590 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1091 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site