(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
තෙවැනි සංඥාව හෙවත් විධානය ලැබෙන්නට පෙර තනිවම ධාවන තරගයක යෙදුණු තරගකරුවකු සහෝදර සිසුන්ගේ උසුළු විසුලු මැද තරගයෙන් ඉවත්වීමේ සිද්ධියක් පසුගියදා පාසල් ක්‍රීඩාපිටියකින් වාර්තා විය.

ක්‍රීඩාවට අකමැත්ත පළකළ පාසලේ ඉහළ පන්තියක සිසුවෙකි. නිවාසාන්තර ක්‍රීඩා තරගයේදී නිවාස නායකයාගේ ඉල්ලීම මත මෙම සිසුවා මීටර් 400 ධාවන තරගයකට ඉදිරිපත් වීමට කැමැත්ත පළ කළේය.
තරගයට කැඳවිණි. සැරසෙන් එලවෙන් කියද්දී මේ තරගකරුවා දිව යන්නට සූදානම් වෙද්දී විනිශ්චය මණ්ඩලය ඔහු නවතා ගැනීමට කටයුතු කළේය. දෙවැනි වර නියමිත සංඥාව ලැබෙන්නට පෙර ඔහු දුවන්නට පටන් ගත්තේය. ක්‍රීඩාපිටිය පුරා සිටි සියලු දෙනා එක සේ ඔල්වරසන් දෙති. කමෝන් කමෝන් කියති.
ඔහු සිතුවේ තමන්ගේ ධාවනයට සියල්ලනගේම හුරේ පළ වන බවයි. මීටර් 400 අවසන් වන්නට ආසන්නය. ඔහු පසුපස බැලීය. තරගකරුවන් කිසිවෙක් පෙනෙන්නට නැත. තමන් ඒ තරමට ඉදිරියට ගිය බවට ඔහු සිතේ මහත් සතුටක් ඇතිවූයේය.
ඔහු තරගය අවසාන කරද්දී සෙසු තරගකරුවන් පෙර සේ තරගයේ යෙදීමට සුදානම්ව සිටිනු දැකිය හැකි විය. සිදුවූ සියල්ල ඔහුට වැටහිණි. කරන්නට දෙයක් නැත, තමන්ගේ කලබලය නිසා නිකරුනේ වටයක් තනිවම දිව ගොස් අවසන්ය. නියමිත පරිදි තරගය ආරම්භ වෙද්දී ඔහු ආයාසයෙන් තරගයේ යෙදුණේය. හිමිවූයේ අන්තිම තැනය. ඩෝං කියන්න ඉස්සෙල්ලා දිව්වොත් නම් මෙයා පළවෙනියා වෙන එක ස්ථිරයි කියා සහෝදර සිසුන් කියද්දී දැන් මේ සිසුවා ක්‍රීඩාපිටිය දෙසවත් නොබලා තරගකටයුතුවලින් ඉවත්ව සිටී.
2025 දෙසැම්බර් මස 04
265
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
404
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අණ නොතකා රේස් ගිහින් අන්තිමයා
himal Saturday, 16 February 2019 02:08 PM
මේ පාසැල් යන සිසුවෙක්... මෙවැනි පොඩි වැරදීමක් වුණාම ඒක මේ වගේ හෙළා දකිනවා නම් උපහාසයට පත් කරනවා නම් මොකක්ද මේ අනෙක් අයගේ සදාචාරය? උසේන් බෝල්ට් පවා වරක් වැරදි තරග ආරම්භයක් ගත්තා...