
(ජී. ඩබ්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයාගේ බිරිඳ, මව ඇතුළු ඔහු ඇසුරු කළ සමීපතයන් 21දෙනෙකු දෙවන වරට අද(22) පිසීආර් පරීක්ෂණයට ලක් කරන බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පැවසීය.
හබරාදුව අත්තරගොඩ පදිංචි මෙම උපදේශවරයා කොරෝනා ආසාදිතයකු බවට පීසීආර් පරීක්ෂණ මගින් පසුගියදා තහවුරු කරගැනිණි.
මෙම පිරිසගේ ජෛව සාම්පල ඔහුගේ නිවස ආසන්නයේ පිහිටි ජංගම රසායනාගාරය තුළ දී ලබාගෙන ඇති බවද, එම සාම්පල කරාපිටිය ශික්ෂණ රෝහලේ රසායනාගාරයේදී පරීක්ෂා කරන බවද වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා වැඩිදුරටත් කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd