ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් තිස් එක් දෙනකු වාර්තා වී ඇතැයි පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි .
ඇරැව්වලින් 09ක් ද,රත්මල්දෙනියෙන් 09ක් ද , බෝකුන්දරින් 10 හා ගොරකපිටියෙන් 03 දෙනකු ඇතුළු 31 දෙනකු ආසාදිතයින් ලෙස මෙසේ හදුනාගෙන ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් කියයි .
ඒ අනුව මෙම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් එකසිය පනස් දෙනකුට ආසන්න පිරිසක් ස්වයං නිරෝධානය ට ලක් කර ඇතැයි වාර්තා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා වියහැකි බව අප කලින්ම පෙන්වා දුන්නා.ඒත්,මේ රටේ මිනිසුන් සිතුවේ,හැසිරුණේ ඉදිරි කාලයේදී තවත් අවුරුදු එන්නේ නැති යයි සිතා. කිසිම පරිස්සමක් නැහැ. මාස්ක් තිබුණේ බෙල්ලේ.පරතරේ මීටරේ නෙමෙයි සෙන්ටි මීටරේ.වගකිවයුතු අය බැලුවේ මිනිසුන්ට අවුරුද්දට හොඳ ජොලියක් ගන්න දීලා ඡන්දෙට ගොඩ වැඩිකර ගන්න.
මැයි දින පෙළපාළි වෙසක් උත්සවය උද්ඝෝෂණ පල්ලියේ විරෝධතා ආදිය වැඩි වශයෙන් සිදු කර රටම අගාධයට තල්ලු නොකරන ලෙස ඉල්ලා පක්ෂ විපක්ෂ හැමෝම රටට අනාගත පරපුරට ආරක්ෂා කිරීමට එක්සත් ව කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටින ආගමික නායකයන් අප රටට අවශ්‍ය වී ඇත