
ගෝලීය අර්බුද රැසක් ඇති කළ නව කොරෝනා වයිරසය පාලනය කිරීමේදී ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කළ මුල් රටවල් දහය අතරට පත්වීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.
ඕස්ට්‍රේලියාවේ බුද්ධි මණ්ඩලයක් වන ලෝවි ආයතනය මෙම දර්ශකය සකස් කර තිබෙන අතර එම දර්ශකය අද(28) ප්‍රකාශයට පත් කෙරුණි.
නවසීලන්තය, වියට්නාමය සහ තායිවානය ගෝලීය අර්බුද රැසක් ඇති කළ ‘කොවිඩ්-19’ හෙවත් කොරෝනා වයිරසය පාලනය කිරීමේ ක්‍රියාවලියේදී ඉහළම කාර්යසාධනයක් පෙන්නුම් කළ මුල් රටවල් බවට පත්ව ඇත.
බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකාවට මෙම දර්ශකයේ පහළම ස්ථාන හිමි වී තිබේ. ප්‍රමාණවත් දත්ත නොමැතිවීම හේතුවෙන් චීනය මෙම දර්ශකයෙන් ඉවත් කර ඇත. කොරෝනා වයිරසය මුලින්ම හඳුනාගත්තේ ද චීනයෙනි. ඒ 2019 වසරේ දෙසැම්බර් මාසයේදී ය.
තායිලන්තය, සයිප්‍රසය, රුවන්ඩාව, අයිස්ලන්තය, ඔස්ට්‍රේලියාව, ලැට්වියාව සහ ශ්‍රී ලංකාව එම ලැයිස්තුවේ පිළිවෙළින් මුල් ස්ථාන 10 අතරට පත් අනෙක් රටවල් ය. ඒක පුද්ගල පදනම මත වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන සහ වයිරස ආසාදිත මරණ ගණන අඩු වීම යන කරුණු එම රටවල් දහය මුල් ස්ථානවලට පැමිණීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.
මෙම දර්ශකය සැකසීමේදී රටවල් 98ක දත්ත අධ්‍යයනයට ලක් කර තිබේ. සති 36ක් මුළුල්ලේ මෙම අධ්‍යයනය කර තිබෙන අතර ඉහත කරුණුවලට අමතරව අදාළ රටවල 100 වැනි ආසාදිතයා වාර්තා වූ දිනයේ සිට මේ වසරේ ජනවාරි 9 වැනිදා දක්වා තිබෙන දත්ත ද සැලකිල්ලට ගෙන තිබේ.

දින 14කට වරක් දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ සාමාන්‍ය ගණන් බැලීම, මිලියනයකට වාර්තා වන ආසාදිතයන් ගණන, සමස්ත ආසාදිතයන් ගණන, තහවුරු කරන ලද ‘කොවිඩ්-19’ මරණ, මිලියනයකට වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන, කර තිබෙන පරීක්ෂණවලින් සමානුපාතයක් ලෙස වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන, පුද්ගලයන් 1000කට කරන ලද පරීක්ෂණ ගණන යනාදිය මෙහිදි සැලකිල්ලට ගත් බව ද ලෝවි ආයතනය සඳහන් කරයි.මෙම දර්ශකය සහ වාර්තාව නිකුත් වූයේ ගෝලීයව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 100 සහ ලොවපුරා වයිරස ආසාදිත මරණ ගණන මිලියන 2 ඉක්මවා ගිය මොහොතක ය.
ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මේ වනවිට වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 25ඉක්මවන අතර ඇමෙරිකාව එම දර්ශකයේ 94 වැනි ස්ථානයේ පසුවෙයි. ආසාදිතයන් මිලියන 11ක් වාර්තා වන ඉන්දියාව 86 වැනි ස්ථානයේ පසුවෙයි. යුරෝපයේ වැඩිම වයිරස ආසාදිත මරණ ගණනක් වාර්තා වන බ්‍රිතාන්‍ය මෙම ලැයිස්තුවේ 66 වැනි ස්ථානයේ පසුවෙයි.
මෙම දර්ශකයට අනුව ආසියා-ශාන්තිකර කලාපයේ රටවල් වසංගතය පාලනය කිරීමේදී සාර්ථක වී ඇති නමුත් යුරෝපයේ සහ ඇමෙරිකාවේ වයිරස ආසාදිතයන්ගේ ගණන ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
‘‘කොවිඩ්-19 පාලනය කිරීමේදී ඒ ඒ රටවල ආර්ථික සංවර්ධනය, ඒ ඒ රටවල දේශපාලන පද්ධති හෝ ඒවායේ වෙනස්කම් සිදු කර ඇත්තේ ඉතා අඩු බලපෑමක්’’ යැයි සිඩ්නි පිහිටි ලෝවි ආයතනය සිය විශ්ලේෂණයේ සඳහන් කර ඇත.‘‘සාමාන්‍යයෙන් ගත් විට ඉතා කුඩා ජනගහනයක් සිටින, සාමූහික සමාජ සහ හැකියාව ඇති රටවලට වසංගතය පාලනය කිරීමේදී අන් රටවලට සාපේක්ෂව වාසියක් තිබෙනවා’’ යැයි ද එම ආයතනය සඳහන් කරයි.
මේ අතර ඉලක්ක ගත පරීක්ෂණ සහ මධ්‍යගත කරන ලද නිරෝධායන වැඩසටහන මගින් සාර්ථකව නව කොරෝනා වයිරසය පාලනය කළ වියට්නාමයෙන් අද (28) වයිරස ආසාදිතයකු වාර්තා විය. එම වයිරස ආසාදිතයා දින 55කට පසු රට ඇතුළතින් වාර්තා වූ පළමු වයිරස ආසාදිතයා තැනැත්තා ය.
(රොයිටර්)
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවෙනි තැන අපිට...
ඒක හරි අසාධාරණයි... ඒක ලැබෙන්න ඕනෑ අපිට.. ධම්මික වෙද මහත්තයා එහෙ නැහැනේ.
අපි තමයි හොඳටම ව්‍යාප්ත කරේ...
කිසිම ප්‍රමිතියක් නැති ජරාවල් කන අපේ ප්‍රතිශක්තිය ඉහටත් උඩින්...
මම කරපු හැටි කියන්නේ නැහැ. නවසීලන්තයේ, සිංගප්පූරුවේ කරපු හැටි කියනවා. මම තමයි හොඳටම කළේ..
එහෙනම් ඉතින් මොනවටද බයවෙන්නේ..? අපට ලෝකෙන් උතුම් රට කියන්න කාරණාවක් මේක... සමහර වෙලාවට ආසියාවේ පළවෙනි තැන වෙන්න බැරිද? ආසියාවේ ලොකුම ටයර් කර්මාන්තශාලාව තියෙන්නෙත් අපටනේ..
ස්තුතියි සර්..!!!
අසමත්ම නැහැ නේද?
මේ සත්‍යය ඇතැමුන් පිළිගන්නට කැමති නැහැ...
කට කට...! ඉස්සෙල්ලා කිව්වා දෙවෙනි තැන කියලා, ලෝකෙන්ම දෙවැනි කිව්වා විතරයි බුරුතු පිටින් මැරුණා. බෝවීම වැඩි වුණා...
හැම කරුණකදීම කැපී පෙනෙන්නේ උත්සාහ කරන්නේ මොකටද? හැමදෙනාම මහත්මා ගතිගුණෙන් එකමුතුව ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඕනෑ.
මේක ෂුවර් එකටම පගාවක් දීලා කරගනිපු වැඩක් නේද? සජිත් මහත්මයා. කියන්න මයික් එකක් ළඟට ගිහිල්ලා.. අර හරීනුත් එක්ක...
තව මුට්ටි ටිකක් අතඇරියාම නම් 05 වැනි තැනට එන්න තිබුණා.
100 පොල්වලින් කිරිබත් කාලා බාස් පැණිය බීලා රට රකින අපේ විරුවා සිංදුව තාලෙට කියලා ජයග්‍රහණය අර්ථවත් විදියට සැමරුවා නම් තමයි වඩාත් හොඳ...
මේක බොහෝදුරට මාස තුනකට විතර පෙර කළ සමීක්ෂණයක් ඇසුරින් වෙන්න ඕනෑ. වර්තමාන තත්වය අනුව ලංකාවට වඩා අඩුවෙන් රෝගීන් වාර්තා වෙච්ච රටවල් එකසිය ගාණක් ඉන්නවා... ඒ වගේම ලංකාවට අඩුවෙන් මරණ වාර්තා වෙච්ච රටවල් 100ක් විතර ඉන්නවා... මාස 03කට පෙර තත්වය අනුව නම් ලංකාව ලෝකයේ හොඳම රටවල් 10 අතර සිටීම පුදුමයක් නෙවෙයි. ඒත් දැන් තත්වය අනුව මුල් 10 ඉන්න එක අමු විහිළුවක්...
මේ ආණ්ඩුවට පින්සිද්ද වෙන්න අද අපි ජීවත්වෙනවා. මෙවැනි එඩිතර දැක්මක් ඇති නායකයින් රටට සම්පතක්...