IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඇමෙරිකාවෙන් පැය 24ට ආසාදිතයන් 100,000ක්

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ලොවපුරා පැතිර යෑමට පටන් ගැනීමෙන් අනතුරුව පැය 24ක් ඇතුළත වයිරස ආසාදිතයන් 100,000 ඉක්මවා වාර්තා වූ පළමු රට බවට ඇමෙරිකා එක්සත් ජනපදය පත්ව ඇත.

මීට පෙර දිනක් ඇතුළත වැඩිම වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වූයේ ඉන්දියාවෙන් වන අතර එම ගණන 97,894ක් විය. ඉන්දියාවෙන් දිනක් ඇතුළත එතරම් වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වූයේ පසුගිය සැප්තැම්බර් මාසයේදී ය.

මේ පුවත වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයට දින තුනක් තිබියදීය. එමෙන්ම ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවමත් මහා පරිමාණ රැලි පවත්වන අතර මුඛ ආවරණ පැලඳීම හා සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම යනාදිය ද නොසලකා හැර ඇත.

මෙවැනි ඉසවු හේතුවෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ජනාධිපති ආර්යාව වන මෙලානියා ට්‍රම්ප්, ඔවුන්ගේ දෙදෙනාගේ පුතු වන බාරෝන් ට්‍රම්ප්, ඔවුන්ගේ සමීපතමයන්, කාර්යමණ්ඩල සාමාජිකයන් මෙන්ම රිපබ්ලිකන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනකුටම නව කිරෝනා වයිරසය ආසාදනය විය.

නව කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයා දින කිහිපයක් රෝහල් ගතව ද ප්‍රතිකාර ලැබීය. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිමහල් පුතු වන ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර් (කනිෂ්ඨ) ‘කොවිඩ්-19’ මරණ සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකරමින් ප්‍රකාශයක් ද කළේය. ‘‘මේවා නිකං ගණනක් විතරක්, ඇත්තටම මේකේ කිසිදෙයක් නැහැ’’ යැයි ඔහු කීවේය. එම ප්‍රකාශයත් සමඟ ඔහුට දැඩි විරෝධයක් ද එල්ල විය.

තවමත් ලොව වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් සහ මරණ ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. ඇමෙරිකාව තුළ නව කොරෝනා වයිරසය මෙතරම් උත්සන්න වූයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය ඒ සම්බන්ධයෙන් අවධානය යොමු නොකළ නිසා චෝදනා එල්ල වී තිබේ.


‘‘ජනාධිපති ට්‍රම්ප් ට ‘කොවිඩ්-19’ මර්දනය කරන්නේ කෙසේද කියලා තවමත් සැලැස්මක් නැහැ. ඔහු ඔබ අත්හැරියා, ඔබේ පවුල අත්හැරියා. ඇමෙරිකාව අත්හැරියා. ඔහු දිගින් දිගටම මේ භයානක අංක වැඩි වෙන්න ඉඩහැරියා. අපට තවත් අවුරුදු හතරක් මේ විදියට ඉන්න බැහැ. තවත් අසාර්ථක අවුරුදු හතරකට ඉඩ දෙන්න බැහැ’’ යැයි ජෝ බයිඩන් නිවේදනයක් නිකුත් කරමින් සෙනසුරාදා දිනයේදී පැවැසීය.

 
ඇමෙරිකා එක්සත් ජනපදයේ වත්මන් ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් සිය අවසන් හා දෙවැනි ධුර කාලය වෙනුවෙන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටියි. ඔහු රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන අතර ඔහුගේ ප්‍රතිවාදියා වන ජෝ බයිඩන් ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරයි. බැරැක් ඔබාමා ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හොබවන විට එම සමයේ එරට උප ජනාධිපති ධුරය හෙබවූයේ ජෝ බයිඩන් ය.
 
 
ඒ.එෆ්.පී./රොයිටර්
 
055 

 



අදහස් (1)

ඇමෙරිකාවෙන් පැය 24ට ආසාදිතයන් 100,000ක්

chandima Sunday, 01 November 2020 11:47 PM

එහෙනම් ඉතින් ලංකාවෙ කොරෝනා වැඩිවුණාට බය වෙන්න දෙයක් නැහැ. පාරට බැහැලා ඇමෙරිකාව ඉවරයි කිය කියා උන්නාම වැඩෙ හරි. අපි මළත් මොකද ඇමෙරිකාවට කෙළ වෙනවා නම් නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 812 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site