පොල් සේවකයන්ගේ ආර්ථසාධයකට විද්ද එහි ලිපිකාරිනිය සහ සැමියා රිමාන්ඩ් පොල් වගාකිරීමේ මණ්ඩලයේ සේවක අර්ථසාධක අරමුදලෙන් රුපියල් කෝටි හතහමාරකට අධික මුදලක් වංචා කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් එහි විෂය ලිපිකාරිණියක සහ ඇගේ ස්වාමිපුරුෂයා ලබන 05 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාමිණී විජේබණ්ඩාර මහත්මිය අද (25) නියෝග කළාය. 25 August 2022
රත්නපුරේ විදුහල්පති සිසු අපයෝජනය කාලෙක ඉඳන් කරගෙන ගිහින් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන පාසලක සිසුවකු බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇති එම පාසලේ විදුහල්පතිවරයා කලක පටන් එහි සිසුන් අපයෝජනය කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ජාතික ළමා රක්ෂක අධිකාරියේ සභාපති, උදය කුමාර අමරසිංහ මහතා පැවසීය. 25 August 2022
හෙටත් පැය 3 ක විදුලිය කපයි නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ හදිසි බිඳවැටීම සහ විදුලි නිෂ්පාදනයට ඉන්ධන හිඟවීම හේතුවෙන් දැනට ක්‍රියාත්මක පැය 3 ක විදුලි කප්පාදුව හෙට (26) දිනයේ ද ක්‍රියාත්මක කරන බව මහජන උපයෝගිතා කොමිසම අද (25) පස්වරුවේ පැවසීය. 25 August 2022
දින දෙකට කොවිඩ් මරණ 10 ක් ‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් හයදෙනකු ඊයේ (24) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (25) පස්වරුවේ තහවුරු කළේය. 25 August 2022
හිටපු ජනාධිපති ගෝඨාභයට අගමැති වෙන්න පුළුවන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත්කිරීමට කිසිඳු අකමැත්තක් නොමැති බවත් එවැනි යෝජනාවක් ඉදිරිපත් වුවහොත් කැමැත්ත පළකරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ මහතා අද (25) පැවසීය 25 August 2022
වැටුප් වැඩි කරන්නැයි කොල්ලුපිටියේ උද්ඝෝෂණ ජල - විදුලි ගාස්තු වැඩි කිරීමට හා අත්‍යවශ්‍ය භාණ්ඩ පාලන මිල නොකිරීම, වැටුප් වැඩි නොකිරීම ,ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ලංකා වෙළෙඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය වෘත්තීය සමිතිය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද 25 ලංකා වෙළෙඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය කොල්ලුපිටිය මූලස්ථානය ඉදිරිපිට පැවැත්විය. 25 August 2022
‘සුපර් ඩීසල්’ ගොඩබෑම අරඹයි බැංකු කටයුතුවල ප්‍රශ්නයක් හේතුවෙන් ඊයේ දිනයේ ගොඩබෑමට නියමිතව තිබූ ‘සුපර් ඩීසල්’ නෞකාවේ ගොඩබෑම ප්‍රමාද වී අද පස්වරුවේ ගොඩබෑම ආරම්භ කළ බවත් ඒ හේතුවෙන් වූ ඉන්ධන බෙදාහැරීම ප්‍රමාදය ආවරණය කිරීම සඳහා රාත්‍රීයේ ද බෙදාහැරීම ක්‍රියාත්මක කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (25) පස්වරුවේ පැවසීය. 25 August 2022
යළිත් දින 100ක වැඩකට අතගසයි ඉදිරි දින 100 ඇතුළත ගම් මට්ටමෙන් ආහාර සුරක්ෂිතතා කමිටු පිහිටුවා ආහාර බෝග නිෂ්පාදන ඉහළ නංවන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දිවයිනේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය. 25 August 2022
දුරකතනය-මාලය වංචාවෙන් ගත්ත පොලිසියේ සිවුදෙනා 6 තෙක් රිමාන්ඩ් පන්නිපිටිය විද්‍යාල හන්දිය ප්‍රදේශයේදී ඉකුත් 20 දා රාත්‍රී පුද්ගලයෙකු රවටා රන්මාලයක් සහ ජංගම දුරකථනයක් වංචනික ලෙස භාරයට ගත් බව පැවසෙන මාලබේ පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් සිව් දෙනා (25) දා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී යළි ලබන 6 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය නියෝග කළාය. 25 August 2022
දුම් බෝම්බ - උණ්ඩ කොපු සමග අඳුම් මසන්නා මාට්ටු ගාල්ල නගරයේ ඇඳුම් මසන්නකු ලඟ තිබි දුම් බෝම්බ දෙකක්,ගුවන් යානා නාශක උණ්ඩ කොපු 10ක් එල්.ටී.ටී.ඊ.සංවිධානය භාවිත කළ සන්නිවේදන උපකරණයක් සමග අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. 25 August 2022
රන්ජන් හෙට හෝ සඳුදා නිදහස්? රංජන් රාමනායක මහතා හෙට හෝ සදුදා හෝ නිදහස ලබන බවට තමා දැඩි ලෙස විශ්වාස කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. 25 August 2022
වඳුරු උණ, කොවිඩ් 19, එච්.අයි.වී. තුනම එකවර හැදිලා ඉතාලියේ 36 හැවිරිදි සමලිංගික පුද්ගලයකුට වඳුරු උණ, කොවිඩ් 19 සහ එච්.අයි.වී. තුනම එකවර ආසාදනය වී ඇතැයි එරට සෞඛ්‍ය අංශ පවසයි. 25 August 2022
රන්ජන් අධිකරණයෙන් සමාව ගනී අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුවී සිර දඬුවම් විඳින හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා දිවුරුම් ප්‍රකාශයක් යොමු කරමින් අධිකරණයෙන් අද (25) සමාව අයැද තිබෙි. 25 August 2022
අතරමඟ නතර වුණු ව්‍යාපෘති පටන් ගන්න දවස ඇමැති ප්‍රසන්න කියයි දැනට නතර කරනු ලැබ ඇති සංවර්ධන ව්‍යාපෘති සියල්ල ආර්ථිකය යථාවත් වීමත් සමග කඩිනමින් ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 25 August 2022
නයි සපත්තුව පැළඳි සිසුවා රෝහලෙන් පිටව යයි කුඩා නයි පැටවකු ඇතුළුවී සිටි සපත්තුවක් පැළඳ පාසල් ගිය ශිෂ්‍යයා රෝහලෙන් අද (25) පිටව ගිය බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවැසීය. 25 August 2022
කඳුකර කොටි පැටවෙක් මද්දකට බිලි මන්දකට හසු වි සිටි තවත් කඳුකර කොටි පැටවකු ජිවිතක්ෂයට පත් වු බව නුවරඑලිය වනජිවි කාර්යාලයේ නිලධාරිහු පවසති. 25 August 2022
ඩොලර් මිලියන 04ක බෙහෙත් බඩු තෑග්ගක් ලැබෙයි ශ්‍රී ලාංකික ජනතාවගේ හදිසි සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමට ඇමෙරිකා ඩොලර් මිලියන 04ක් වටිනා අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් ලබා දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රෝස් අධානම් ගෙබ්‍රීසියස් (Tedros Adhanom Ghebreyesus) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් සඳහන් කරයි. 25 August 2022
මහ පාරේ උද්ඝෝෂණවලින් ’’සිස්ටම් චේන්ජ්’’ කරන්න බැහැ මහ පාරේ උද්ඝෝෂණවලින් හෝ දේශපාලන ව්‍යාපෘති වලින් සිස්ටම් චේන්ජ්( ක්රමයේ වෙනසක් ඇති කිරීම) කළ නොහැකි බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය. 25 August 2022
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන සඳහා නිර්දේශිත කෘතීන් ප්‍රකාශයට පත්කෙරේ විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙල ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය සුමංගල ශාලාවේදී සැප්තැම්බර් මස 1 වැනිදා පස්වරු 3.00ට පැවැත්වෙන අතර එහි සම්මාන සඳහා අවසන් වටයට නිර්දේශිත කෘතීන් මේ වන විට ප්‍රකාශයට පත්කර ඇත. 25 August 2022
ලංකාව ගැන සංචාරක නීති ලිහිල් කළ ස්විට්සර්ලන්තයට ප්‍රශංසා හදිසි නීතිය තවදුරටත් දීර්ඝ නොකරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයෙන් පසුව ස්විට්සර්ලන්ත රජය විසින් ශ්‍රී ලංකාවට එරෙහි සංචාරක උපදේශන ලිහිල් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය (SLAITO) ප්‍රශංසාව පළ කර තිබේ. 25 August 2022
ලංගම ඩිපෝවලට දින දෙකකින් ඩීසල් නෑ ලංකා ගමනා ගමන මණ්ඩලයේ (ලංගම) ඩිපෝවලට දින දෙකකින් ඩීසල් නොලැබුණු බවත් ඒ හේතුවෙන් රටපුරා ලංගම ඩිපෝ රැසක ඩීසල් අවසන් වී ඇති බවත් ලංකා ගමනා ගමන මණ්ඩලයේ උසස් නිලධාරියකු පැවසීය. 25 August 2022
ඩීසල් - පෙට්‍රල් නැවතත් හිඟයක් ඛනිජ තෙල් සංස්ථාවෙන් ඩීසල් සහ පෙට්‍රල් යන ඉන්ධන වර්ග දෙකේම තොග නොලැබෙන බවත් ඒ හේතුවෙන් රට පුරා නැවතත් ඉන්ධන හිඟයක් ඇති වී තිබෙන බවත් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ඩී. වී. ශාන්ත සිල්වා මහතා අද (25) පැවසීය. 25 August 2022
මධ්‍යම අධිවේගීයේ කඩවත-මීරිගම කොටසෙහි කම්බි කපන ජාවාරමක් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත - මීරිගම කොටසෙහි ඇතැම් ප්‍රදේශයන්හි කොන්ක්‍රීට්වලට යොදා ඇති කම්බි කොටස් කපා යකඩ සදහා අලෙවි කෙරෙන ජාවාරමක් සිදුවන බව වාර්තාවේ. 25 August 2022
ත්‍රස්ත පනත අවභාවිතා කර සිවිල් ක්‍රීයාකාරකයන් මර්ධනය ඛේදනීය තත්ත්වයක් ප්රජාතන්ත්රවාදය හා ජනතාවගේ මුළික අයිතීන් ගරු කරන හා ශිෂ්ට සමාජයේ දැඩි විරෝධයට ලක්ව තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතා කරමින් දේශපාලන හා සිවිල් ක්‍රීයාකාරකයන් මර්ධනය කිරිම අතීශයෙන්ම ඛේදනීය තත්ත්වයක් බව සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය. 25 August 2022
‘‘අරගලය මර්ධනය කරන අය සමග සම්බන්ධ වෙන්නේ නෑ‘‘ කුමන තනතුරු දුන්නත් පොදුජන අරගලය මර්දනය කරන ආණ්ඩුවට සම්බන්ධ නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී පැවසීය. 25 August 2022
අපුර‘සතොස ගබඩා කලමණාකාරිණියට රට යන්න තහනම් අනුරාධපුර සතොස තොග ගබඩාවේ තිබූ රුපියල් හය කෝටි අනූ හත් ලක්ෂයක් වටිනා නාඩු සහ සම්බා සහල් විශාල තොගයක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින අනුරාධපුර සතොස තොග ගබඩාවේ කළමනාකාරිනියට විදේශ ගතවීම වලකාලමින් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක ජයසූරිය මහතා කටුනායක සහ මත්තල ජාත්‍යංතර ගුවන් තොටුපලෙවල ආගමන විගමන පාලකවරුන්ට තහනම් නියෝග දෙකක් නිකුත් කළේය. 25 August 2022
කඳුකර කොටියා ගැන වාර්තාව ඇමැතිට සමර්හිල් වතුයායේ දී මද්දකට හසුවීම නිසා අගෝස්තු 07 වැනිදා මරණයට පත් වූ කඳුකර කොටියාගේ මරණය සම්බන්ධයෙන් සොයන්නට පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ අවසන් වාර්තාව කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දී තිබේ. 25 August 2022
පළාත් තුනකට අදත් තද වැසි දිවයිනේ ප්‍රදේශ රැසකට අද (25) වැසි ඇතිවන අතර, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 25 August 2022
චාජර් ගෙනයන්න හැදූ රැඳවියා මාට්ටු වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය තුළට ජංගම දුරකථන දෙකක්, බැටරි දෙකක් සහ බැටරි ආරෝපණ දෙකක් ( චාජර) රැගෙන යාමට උත්සාහ දැරූ රැඳවියකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 25 August 2022
සපත්තුවේ සිටි නයා දරුවගේ පාදයේ තැන් දෙකක කාලා කුඩා නයි පැටවකු ඇතුළු වී සිටි සපත්තුවක් පැළඳ පාසල් ගිය ශිෂ්‍යයාගේ පාදයේ සර්ප දෂ්ඨන සිදුවී ඇති බවට සලකුණු දෙකක් ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරුන්ට හමුවී ඇත. 25 August 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026