IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


කඳුකර කොටියා ගැන වාර්තාව ඇමැතිට

(අංජුල මහික වීරරත්න)

සමර්හිල් වතුයායේ දී මද්දකට හසුවීම නිසා අගෝස්තු 07 වැනිදා  මරණයට පත් වූ කඳුකර කොටියාගේ මරණය සම්බන්ධයෙන්  සොයන්නට  පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ අවසන් වාර්තාව කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දී තිබේ.

මෙම වාර්තාව අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය විසින් ඇමැතිවරයාට බාරදුන් අතර එම අවස්ථාවට සිද්ධිය සම්බන්ධව විමර්ශනය සඳහා පත් කළ කමිටූවට අයත් අතිරේක ලේකම් එච්. ඩී. රත්නායක, තාරක ප්‍රසාද් අධ්‍යක්ෂ (සෞඛ්‍ය කළමනාකරණ), අධ්‍යක්ෂ මෙහෙයුම් ( ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව) එච්. ඒ. අනෝමා ප්‍රියදර්ශනී මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.

කඳුකර කොටියාගේ මරණය සම්බන්ධව විමර්ශනය කළ කමිටුව විසින් කඳුකර කොටිගහණය ආරක්ෂා කර ගැනීම සම්බන්ධව නිර්දේශ 25ක් මෙම වාර්තාව මගින් ඉදිරිපත් කර තිබේ.

එසේම මෙම සමර්හිල් සිදුවීමේ දී එකී කොටියා කම්බියකින් සැකසූ මද්දට හසුවී උස ගසක පහතට පැය ගණනක් තිස්සේ එල්ලී සිටීම නිසා සිරුර අභ්‍යන්තරයේ ඉන්ද්‍රියයන්ට සිදුවූ හානිය නිසා මරණයට පත් ව ඇති බවත්, එම සතා ගසට යටවී නොමැති බවත් සිදු කළ විමර්ශනවල දී අනාවරණය වූ බව කමිටුව සඳහන් කරයි.



අදහස් (9)

කඳුකර කොටියා ගැන වාර්තාව ඇමැතිට

ravin Thursday, 25 August 2022 11:19 AM

එම පින්තුරය දිහා හොදින් බලු සමට එ සතා මැරෙන්න අභන්තර ලෙ වහනයකින් බව තෙරෙනවා. අභන්තර අවයව තුවාල වුවොත් අභන්තර ලේ වහනය සිදුවිම අනිවාර්යයි.

:       0       2

sisilThursday, 25 August 2022 05:26 PM

කඳුකර කොටියාගේ මරණය සම්බන්ධව විමර්ශනය කළ කමිටුව විසින් කඳුකර කොටිගහණය ආරක්ෂා කර ගැනීම සම්බන්ධව නිර්දේශ 25 හෙළිකරන්න..!

:       0       0

de silva Thursday, 25 August 2022 01:22 PM

මොන බොරුවක්ද? මුලු රටම ඇත්ත යුටියුබ් එක දැක්කා

:       0       2

ගමේ එකාලා Thursday, 25 August 2022 02:09 PM

හැම කෙහෙළ් මලකටම කමිටු කමිටු. කොටියා මැරුණු එකටත් කමිටුවක්. එච්චරයි අඩුවකට තිබුනේ. අනිත් ප්‍රශ්න දැන් විසඳිලා කියලා හිතාගෙන ඇති

:       0       4

fairoos Thursday, 25 August 2022 02:10 PM

ඒ වාර්තාව එන්න පෙර අපි දන්නවා ඔයාලා පත් කරන කමිටුවල කවද්ද ඇත්ත හොයා ගත්තේ?

:       0       5

ලුම්බිණි Thursday, 25 August 2022 02:25 PM

වාර්තාව ගැනීමෙන් පමණක් වැඩේ ඉවර කරන්න එපා මින් ඉදිරියට සතුන්ගේ ජීවිත වලට තර්ජන එල්ල වීම අඩු කරන්න වැඩ කටයුතු කරන්න

:       0       5

Ravi Thursday, 25 August 2022 03:00 PM

කොටියව වරදකාරයා කරල ඇති සුපිරියට...

:       0       2

de silva Thursday, 25 August 2022 03:20 PM

අඩි 30 පමණ උසක ඉඳලා ගහත් සමඟ කොටියා බිමට වැටුනම කොටියා මැරෙන්නේ නැද්ද? ඔය ඇමති සා/පෙළ වත් සමත් නැති නිසා ඔහු විශ්වාස කල නොහැකියි.

:       0       0

විජේ Thursday, 25 August 2022 04:09 PM

කොටි වෙනුවෙන් නරි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 896 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site