
(අංජුල මහික වීරරත්න)
සමර්හිල් වතුයායේ දී මද්දකට හසුවීම නිසා අගෝස්තු 07 වැනිදා මරණයට පත් වූ කඳුකර කොටියාගේ මරණය සම්බන්ධයෙන් සොයන්නට පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ අවසන් වාර්තාව කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දී තිබේ.
මෙම වාර්තාව අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය විසින් ඇමැතිවරයාට බාරදුන් අතර එම අවස්ථාවට සිද්ධිය සම්බන්ධව විමර්ශනය සඳහා පත් කළ කමිටූවට අයත් අතිරේක ලේකම් එච්. ඩී. රත්නායක, තාරක ප්‍රසාද් අධ්‍යක්ෂ (සෞඛ්‍ය කළමනාකරණ), අධ්‍යක්ෂ මෙහෙයුම් ( ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව) එච්. ඒ. අනෝමා ප්‍රියදර්ශනී මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.
කඳුකර කොටියාගේ මරණය සම්බන්ධව විමර්ශනය කළ කමිටුව විසින් කඳුකර කොටිගහණය ආරක්ෂා කර ගැනීම සම්බන්ධව නිර්දේශ 25ක් මෙම වාර්තාව මගින් ඉදිරිපත් කර තිබේ.
එසේම මෙම සමර්හිල් සිදුවීමේ දී එකී කොටියා කම්බියකින් සැකසූ මද්දට හසුවී උස ගසක පහතට පැය ගණනක් තිස්සේ එල්ලී සිටීම නිසා සිරුර අභ්‍යන්තරයේ ඉන්ද්‍රියයන්ට සිදුවූ හානිය නිසා මරණයට පත් ව ඇති බවත්, එම සතා ගසට යටවී නොමැති බවත් සිදු කළ විමර්ශනවල දී අනාවරණය වූ බව කමිටුව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එම පින්තුරය දිහා හොදින් බලු සමට එ සතා මැරෙන්න අභන්තර ලෙ වහනයකින් බව තෙරෙනවා. අභන්තර අවයව තුවාල වුවොත් අභන්තර ලේ වහනය සිදුවිම අනිවාර්යයි.
මොන බොරුවක්ද? මුලු රටම ඇත්ත යුටියුබ් එක දැක්කා
හැම කෙහෙළ් මලකටම කමිටු කමිටු. කොටියා මැරුණු එකටත් කමිටුවක්. එච්චරයි අඩුවකට තිබුනේ. අනිත් ප්‍රශ්න දැන් විසඳිලා කියලා හිතාගෙන ඇති
ඒ වාර්තාව එන්න පෙර අපි දන්නවා ඔයාලා පත් කරන කමිටුවල කවද්ද ඇත්ත හොයා ගත්තේ?
වාර්තාව ගැනීමෙන් පමණක් වැඩේ ඉවර කරන්න එපා මින් ඉදිරියට සතුන්ගේ ජීවිත වලට තර්ජන එල්ල වීම අඩු කරන්න වැඩ කටයුතු කරන්න
කොටියව වරදකාරයා කරල ඇති සුපිරියට...
අඩි 30 පමණ උසක ඉඳලා ගහත් සමඟ කොටියා බිමට වැටුනම කොටියා මැරෙන්නේ නැද්ද? ඔය ඇමති සා/පෙළ වත් සමත් නැති නිසා ඔහු විශ්වාස කල නොහැකියි.
කොටි වෙනුවෙන් නරි...!