IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කඳුකර කොටි පැටවෙක් මද්දකට බිලි

(රංජිත් රාජපක්ෂ සහ ඩයනා උදයංගනී)

මන්දකට හසු වි සිටි තවත් කඳුකර කොටි පැටවකු ජිවිතක්ෂයට පත් වු බව නුවරඑලිය වනජිවි කාර්යාලයේ නිලධාරිහු පවසති.

නාවලපිටිය වෙස්ට්හොල් වතුයායට අයත් නිඩ්ලන්ඩ්ස් කොටසේ තේ වත්තේ අටවා තිබු උගුලකට හසු වි සිටි කඳුකර කොටි පැටවකු එම ස්ථානයේම ජිවිතක්ෂයට පත් වි ඇති බවයි වනජිවි නිලධාරිහු කියති.

තේ වත්තේ සැරිසරන සතුන් දඩයම් කිරිම සදහා කිසියම් පිරිසක් විසින් තේ ගසක අටවා තිබු කම්බි සහිත උගුලකට කදුකර කොටි පැටවාගේ උදරය ප්‍රදේශය හසු වි ඇත.

උගුලකට කඳුකර කොටියකු හසු වි ඇති බව තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසක් දැක ඒ බව වනජිවි නිලධාරින් වෙත කළ දැනුම් දිමක්මත ගම්පොළ සහ නුවරඑලිය වනජිවි කාර්යාලයේ නිලධාරින් එම ස්ථානයට යන විටත් කදුකර කොටියා ජිවිතක්ෂයට පත් වි සිටිහ.

අවු 2 පමණ වයසැති මියගිය කදුකර කොටියා සම්බන්ධයෙන් නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර මියගිය කොටි පැටවාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත භාරදෙන බව වනජිවි නිලධාරින් පැවසිය.



අදහස් (1)

කඳුකර කොටි පැටවෙක් මද්දකට බිලි

sisil Thursday, 25 August 2022 05:33 PM

සමර්හිල් සිදුවීමේ දී එකී කොටියා කම්බියකින් සැකසූ මද්දට හසුවී උසගසක පහතට පැය ගණනක් තිස්සේ එල්ලී සිටීම නිසා සිරුර අභ්‍යන්තරයේ ඉන්ද්‍රියයන්ට සිදුවූ හානිය නිසා මරණයට පත් වූයේනම් නාවලපිටිය වෙස්ට්හොල් වතුයායට අයත් නිඩ්ලන්ඩ්ස් කොටසේ තේ වත්තේ අටවා තිබු උගුලකට හසු වි සිටි කඳුකර කොටි පැටවකු එම ස්ථානයේම ජිවිතක්ෂයට පත්වූයේත් සිරුර අභ්‍යන්තරයේ ඉන්ද්‍රියයන්ට හානිවීම නිසාද? මීට පෙර මෙවැනි ආකාරයට කම්බියකින් සැකසූ මද්දට හසුවී සිටි කොටින් ඔවුන්ට ජීවිත හානියකින් තොරව නිදහස් කර තිබේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 428 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site