IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඩොලර් මිලියන 04ක බෙ⁣හෙත් බඩු තෑග්ගක් ලැබෙයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලාංකික  ජනතාවගේ හදිසි සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමට ඇමෙරිකා ඩොලර් මිලියන 04ක් වටිනා අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් ලබා දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රෝස් අධානම් ගෙබ්‍රීසියස් (Tedros Adhanom Ghebreyesus) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම නිමිත්තෙන් සුබපැතුම් පිළිගන්වමින් මෙම පණිවුඩය යොමු කර ඇත.

ලංකාවට ලබාදෙන අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් සම්බන්ධයෙන්  ප්‍රසම්පාදන කටයුතු දැනටමත් ආරම්භ කර ඇති අතර බෙදා හැරීම් සිදු කෙරෙන දින සහ නාම ලේඛන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය මගින් ප්‍රසිද්ධ කරනු ඇති බව ද එම පණිවුඩයේ සඳහන් වේ.

කොවිඩ් 19 වසංගතයෙන් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික පීඩනය ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගන්නා බවත්, ගෝලීය ආහාර සහ තෙල් මිල ඉහළ යාම, අවදානමට ලක්විය හැකි ප්‍රජාවට ප්‍රධාන අභියෝගයක් බවත්, එම අභියෝග කාලසීමාවේදී  ශ්‍රී ලංකාවට පහසුකම් සැපයීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සූදානම් බවත් ගෙබ්‍රීසියස් මහතා සඳහන් කර ඇත.

ශ්‍රී ලාංකීය ජනතාවගේ අත්‍යාවශ්‍ය සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට “ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනට” තමා උපදෙස් දී ඇති බව සඳහන් කර ඇති අධ්‍යක්ෂ ජනරාල්වරයා, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය සහ අනෙකුත් අමාත්‍යාංශවල සහයෝගයෙන් අදාළ වෛද්‍ය සැපයුම් බෙදා හැරීමට කටයුතු කරන බවත් දන්වා ඇත.‍

සෞඛ්‍ය පද්ධතියේ ක්‍රියාකාරිත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව ඇතුළුව ජනතාවට ඇති සෞඛ්‍ය අවදානම පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය සමීපව නිරීක්ෂණ කරන බවත්, ශ්‍රී ලංකාවේ පළාත් සෞඛ්‍ය සේවා ශක්තිමත් කරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දෙන බවත් වෛද්‍ය ටෙඩ්‍රෝස් අධානම් ගෙබ්‍රීසියස් මහතා සිය සුබපැතුම් පණිවිඩයේ  වැඩිදුරටත් සඳහන් කර තිබේ.



අදහස් (1)

ඩොලර් මිලියන 04ක බෙ⁣හෙත් බඩු තෑග්ගක් ලැබෙයි

පිල්ලිය Thursday, 25 August 2022 03:57 PM

මෑතකදි පිටරට ව්‍යාපාරිකයෙක් ඉස්පිරිතාලයකට අත්‍යාවශ්‍ය බෙහෙත් වගයක් ඔහු විසින්ම පරිත්‍යාග කළා ලංකාවට ආවාම... ඉන්පසු ඒ බෙහෙත් ක්‍රමයෙන් පෑලදොරෙන් පිල්ලි ගැහිලා කියලා ඔහුට දැනගන්න ලැබුණා. ඔහු රටෙන් පිටවෙන්නට පෙර..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 428 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site