IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අපුර‘සතොස ගබඩා කලමණාකාරිණියට රට යන්න තහනම්

(උපාලි ආනන්ද)

අනුරාධපුර සතොස තොග ගබඩාවේ තිබූ රුපියල් හය කෝටි අනූ හත් ලක්ෂයක් වටිනා නාඩු සහ සම්බා සහල් විශාල තොගයක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින අනුරාධපුර සතොස තොග ගබඩාවේ කළමනාකාරිනියට විදේශ ගතවීම වලකාලමින් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක ජයසූරිය මහතා කටුනායක සහ මත්තල ජාත්‍යංතර ගුවන් තොටුපලෙවල ආගමන විගමන පාලකවරුන්ට තහනම් නියෝග දෙකක් නිකුත් කළේය.

මෙම මහ පරිමාන සහල් වංචාව සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් විමර්ශන මෙහෙයවා එම විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේනතුවේ වානිජ අපරාධ විමර්ශන අංක 11 කොට්ඨාශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරික්ෂිකා නිරෝෂණී හේවා පතිරණ මහත්මියට තවදුටරත් නියෝග කළේය.‍

මෙසේ විදෙස් ගමන් තහනම් කරන ලද්දේ අනුරාධපුර ඇලයාපත්තුවේ පදිංචි හචිනි පවිත්‍ර මධුමාලි ගුණවර්ධන සතෝස ගබඩාවේ කළමනාකාරිණියගේය.

2021 වසරේ ඔක්තෝබර් මස 29 දින සිට 2022 වසරේ ජූනි මස 23 අතර කාලය තුල ශ්‍රි ලංකාවට ආනයනය කර ඇති සහල්වලින් නාඩු සහල් කිලෝ ලක්ෂ ගනනක් අනුරධපුර සතොස තොග ගබඩාවේ තැන්පත් කර තිබියදී ඒවා වංචා කර ඇති බවද අධිකරණයට කියා සිටි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වංචා කර ඇති එම සහල් වල මුළු වටිනාකම රුපියල් හය කෝටි අනූ හත් ලක්ෂ දෙදහස් පන් සියයක් පමණ වන බවද කීවේය.

මෙම මහ පරිමාන සහල් වංචාවට අනුරාධපුර සතොස තොග ගබඩාවේ කළමනාකාරිනිය සම්බන්ධ බවට දැනට සිදු කරමින් පවතින මූලික විමර්ශනවලදී අනාවරණ වෙමින් පවතින බවද අධිකරණයට අවධාරණය කළ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සැකකාරිය විසින් වංචා කර ඇති බවට සැක කෙරෙන මුදල විශාල බැවින් ඇය විදේශ ගත වුවහොත් මෙම මහ පරිමාන වංචාව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට බාධා ඇති වීමේ පැහැදිලි ඉඩක් පවතින බවද සඳහන් කළේය

එම නිසා සැකාකාරියට විදේශ ගතවීම වලකාලමින් කටුනායක සහ මත්තල ජාත්‍යාන්තර ගුවන් තොටුපොළවල අගාමන විගමන පාලකවරුන්ට තහනම් නියෝග නිකුත් කරන ලෙසද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉලලා  සිටියේය

 



අදහස් (1)

අපුර‘සතොස ගබඩා කලමණාකාරිණියට රට යන්න තහනම්

Prase Thursday, 25 August 2022 11:42 AM

කෝ මෙ වෘතීය සමිති අය උත්ගෝශන කරන්න නැද්ද අයට ජීවිතාන්තය දක්වා සිරදඩුවන් ලබා දෙන්න, රට ජනතාව අපි වෘතීය සමිති අහෝසි කරන්න රජයට බල කරනව

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 428 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site