IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ත්‍රස්ත පනත අවභාවිතා කර සිවිල් ක්‍රීයාකාරකයන් මර්ධනය ඛේදනීය තත්ත්වයක්

(නිමල කොඩිතුවක්කු)

ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතාවගේ මුළික අයිතීන් ගරු කරන හා ශිෂ්ට සමාජයේ දැඩි විරෝධයට ලක්ව තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතා කරමින් දේශපාලන හා සිවිල් ක්‍රීයාකාරකයන් මර්ධනය කිරිම අතීශයෙන්ම ඛේදනීය තත්ත්වයක් බව සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.

එය මුළු මහත් සමාජයම එක හඩින් යුතුව පිටුදැකිය යුතුව ඇති බවත් ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එහි තවදුරටත් මෙසේ ද සඳහන් වේ.

"අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු සිවිල් හා දේශපාලන ක්‍රියාකාරකයන් පිරිසක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගනිමින් කිසිදු අධිකරණයක් හමුවට පමුණුවන්නේ නොමැතිව දින 90ක් රැදවුම් භාරයේ තබාගැනීමට රජය කටයුතු කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මඟින් පුරවැසියන්ට ලබාදී ඇති හිමිකම්වලට මෙන්ම විසම්මුතියට ඉහළින්ම ගරු කරන හා වඩා යහපත් රටක් පිළිබඳව ප්‍රාර්ථානාවෙන් යුත් ශිෂ්ට සමාජය එවැනි තත්ත්වයක් කිසිසේත්ම අපේක්ෂා කරන්නේ නැත. 

දේශපාලනික හා ආර්ථික වශයෙන් අද වනවිට රට මුහුණ දෙමින් සිටින්නේ බරපතල අවදානමකටය.

එවන් පරිසරයක අප රට තුළ මෙන්ම අන්තර්ජාතික ප්‍රජාව අතරෙහි ද ඉමහත් විරෝධයට හේතු වූ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වැනි දුර්දාන්ත නීති තවදුරටත් අප පිළිගැනීමට ලක්කරන්නේ නම් ඒ මගින් රටේ ජනතාවගේ නිදහසට හා අයිවාසිකම්වලට සිදුකරන තර්ජනයට අමතරව රටක් ලෙස අප අන්තර්ජාතික වශයෙන් ද කොන්වීමට හේතුවක් වනවා නිසැකය. 

රට මුහුණදී ඇති දැවැන්ත ආර්ථික අර්බුදයට යහපත් විසදුමක් සපයාගැනීමට අන්තර්ජාතික වශයෙන් ලබාගත යුතුව ඇති සහයෝගය අන් කවරදාකටත් වඩා අවශ්‍යව ඇති මෙවන් මොහොතක එවැනි ක්‍රියාවන් අප රටට බරපතල ප්‍රතිවිපාක අත්කරදීමට හේතුවක් ද වනු ඇත.

එබැවින් අප මාතෘ භූමියේ හා අනාගත දරු පරපුරේ නාමය පෙරටු කරගනිමින් මේ මොහොතේ රජයෙන් ඉල්ලා සිටින්නේ සිවිල් හා දේශපාලන ක්‍රියාධරයන් මර්දනයට ලක්කිරීම වහාම නවතා දමන ලෙසය. ත්‍රස්තවාදය වැලැක්වීම පනත වැනි දුර්දාන්ත නීති යුක්තිසහගත කිරීමට කටයුතු නොකරන ලෙසටය. මර්දනය හා තර්ජනය වෙනුවට සෑම පාර්ශවයක් වෙතම මිත්‍රත්වයේ හස්තය දිගු කරන ලෙසටය. ඉන් අනතුරුව නිශ්චිත වැඩපිළිවෙලක් සහිතව ඉතා සීමිත කාලයක් ඉලක්ක කරගනිමින් බල පොරයෙන් තොර සම්මුතිවාදී වැඩපිළිවෙලකට ප්‍රවේශ වන ලෙසටය. 



අදහස් (2)

ත්‍රස්ත පනත අවභාවිතා කර සිවිල් ක්‍රීයාකාරකයන් මර්ධනය ඛේදනීය තත්ත්වයක්

කිරි පුතා Thursday, 25 August 2022 12:52 PM

මෙයාලාට ඛේදනීයයි. පුතාණෝට බලයට එන්න බැරි නිසා...!

:       0       0

යකාගෙ නීතිය Thursday, 25 August 2022 12:55 PM

මෙයාගේ කතාත් හරියට පෝන්සියු පිලාත්ගේ වගේ. ජේසුතුමාව කුරුසේ ඇණගහන්න තීන්දුව දුන්නෙත් සද්දෙට අනුව හයියෙන් කෑගහපු පැත්තට. මෙයා කතානායකවරයා කාලේ පාර්ලිමේන්තු තීරණ ගත්තෙත් සද්දෙට. එහෙම සද්දෙට පත්කරපු අගමැති නේද අද ජනාධිපති? අමතක වුණාද මේ රාජපක්ෂලා නෙමේ... ඔය සද්දෙට අගමැතිකම දුන්නු වික්‍රමසිංහ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 428 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site