මැලේසියා රැකියා ජාවාරමට කතක් මාට්ටු
සංචාරක වීසා මගින් මැලේසියාවේ රැකියා ලබාදීමට පුද්ගලයින් නව දෙනෙකුගෙන් රුපියල් 5,015,000 ක මුදලක් ලබාගෙන විමර්ශන නිලධාරින් මගහැර සැඟව සිටි තංගල්ල ප්රදේශයේ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසීය.