කැන්ටිමේ කුඩු විකුණුවැයි ඇල්ලූ කත නිදොස් කොට නිදහස්
ගම්පහ , බුත්පිටිය මහ විද්‍යාලයේ ආපනශාලාවේ මත් කරල් 38ක් සහ අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7 ක් සඟවා තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ රැදවුම් නියෝග මත ඉකුත් 05 වෙනිදා සිට මල්වතු හිරිපිටිය පොලිසියේ රඳවා තබා සිටි එම ආපනශාලාව පවත්වාගෙන ගිය කාන්තාව ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ආර් එස් එම් මහේන්ද්‍රරාජා මහතා විසින් එකී චෝදනාවෙන් අද (12) නිදොස් කොට නිදහස් කරන ලදී.