සැකකරු පලා ගියැයි සැරයන්ගේ වැඩ තහනම්
අධිවේගී මාර්ගයේ දේපොළ සොරකම් කිරීමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවකු පොලිස් ජංගම රථයෙන් වත්තල පොලිසියට බාරදීම සදහා රැගෙන යමින් සිටියදී අත්අඩංගුවෙන් මිදී පලාගිය බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කටුනායක පොලිස් ස්ථානයට අනුයුක්ත සැරයන්වරයකුගේ වැඩ තහම් කර ඇති බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය පවසයි.