ගම්මන්පිල පාස්කු වාර්තා සොරකම් කළාදැයි සොයන්න යයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සතුව ඇතැයි කියන වාර්තාව දින තුනක් ඇතුළත ලබා දෙන ලෙස කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (15) පැවති මාධ්‍ය හමුවේදී ඉල්ලා සිටියේය 15 October 2024
පොලිස් ලොක්කකුගේ යතුරු පැදියෙන් කුඩු ඇදලා කළුතර ප්‍රදේශයේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපතිවරයාට අයත් යතුරුපැදියෙන් හොරයින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු වැලිපැන්න හොරවල හන්දියේදී අත්අඩංගුවට ගැනීමේදී ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයක් සමගම ඔහු මුදා ගැනීමට පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි ප්‍රහාර කීපයක් එල්ල කර පලවා හැරිය බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය කියයි. 15 October 2024
’’මාන්නප්පෙරුම ජනපතිවරණයෙදි වැඩ කළේ නෑ’’ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත්කළ යුතුයි කියන මතයේ සිටි බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහනය වෙනුවෙන් ජනාධිපතිවරණයේදී සක්‍රීය දායකත්වයක් ලබා නොදුන් බවත් සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවැසීය. 15 October 2024
නඩු භාණ්ඩ භාරකරුගේ දුරකථන - බැංකු වාර්ථා කැඳවයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත නඩු භාණ්ඩ භාරකාර ගයාන් සම්පත් සැකකරුගේ දුරකථන විස්තර වාර්තා සහ බැංකු විස්තර වාර්තා කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට අද (15)නියෝග කළේය. 15 October 2024
වැස්ස ක්‍රමයෙන් අඩු වෙයි දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය අද (15) දිනයේ සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 15 October 2024
නිදහස් උළෙල සංවිධානයට මෙහෙයුම් කමිටුවක් 77 වන නිදහස් දින සමරු උත්සවය සංවිධාන කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 15 October 2024
IMF වැඩපිළිවෙල නිසා සුබ වාදී වෙමු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රනිල්ගේ ආණ්ඩුව එකඟ කරගත් ක්‍රියාදාමය වත්මන් ආණ්ඩුව එලෙසම පවත්වාගෙන යෑම යනු රනිල්ගේ ප්‍රතිපත්ති මාලාව තවදුරටත් ලංකාවේ ක්‍රියාත්මක වීම බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය. 15 October 2024
ඩෙංගු හිස ඔසවයි පවතින අධික වර්ෂාවත් සමග ඩෙංගු රෝගය සීඝ්රයෙන් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි. 15 October 2024
මාලු මිල ඉහළට වෙළඳපොළේ මාලු මිල ගණන් යළිත් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති. 15 October 2024
මහජන ධනය සාංඝික දේපලක් සේ සුරකින්න මහජන ධනය සාංඝික දේපළක් හා සමානව සුරැකිය යුතු යැයිද එම ධනය වංචාවට හෝ දූෂණයට ලක් කිරීමට කිසිදු අයෙකුට යුක්ති සහගත අයිතියක් නැතැයි ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 15 October 2024
ඩයනාට එරෙහි නඩු 7ක සාක්ෂි විභාගයට දින දෙයි ආගමන හා විගමන පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම හා වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීයේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව රහස් පොලිසිය විසින් පැවරු නඩු හතෙහි සාක්ෂි විභාගය ලබන 24 වැනි දිනට නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සාක්ෂිකරුවන්ට එදින පෙනී සිටින ලෙසට නියෝග කරමින් අද(15) නොතීසි නිකුත් කළේය. 15 October 2024
ඩුබායි මත් ජාවාරමාගේ ගෝලයෙක් මාට්ටු ඩුබායිහි සැගව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන රොහාන් නැමැත්තාගේ ගෝලයකු හෙරොයින් ග්‍රෑම් 250 ක් සහ මිලිග්‍රෑම් 590 ක් සමග අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි. 15 October 2024
අලුත් විදෙස් ගමන් බලපත් තොගය සෙනසුරාදා ලංකාවට නව විදෙස් ගමන් බලපත්‍ර තොගය ලබන සෙනසුරාදා(19) ලංකාවට ලැබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. 15 October 2024
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් ඉල්ලා අස් වෙයි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් තනතුරෙන් ඉල්ලා අස්වීම කැබිනට් මණ්ඩලය විසින් පිළිගෙන තිබෙි. 15 October 2024
ත්‍රිරෝද රියදුරු පුංචි ලෝකාන්තයට දැමීමේ සිද්ධියට තවත් අයෙක් අල්ලයි හාලිඇල රොසට්වත්තේ ත්‍රීරෝද රථ රියදුරෙකුට මඩොල්සිම දී පහරදී ඝාතනය කර සිරුර මඩොල්සිම පුංචිලෝකාන්තයේ අඩි දහස් ගණනක ප්‍රපාතයකට විසිකර දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට වාහන බ්‍රෝකර්වරයෙක් අද (15) අත්අඩංගුවට ගත් බව හාලිඇල පොලිසිය පවසයි . 15 October 2024
වැස්සෙන් පවුල් 39,522ක් පීඩාවට දිවයින පුරා පවතින අධික වැසි තත්වය හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් පවුල් 39,522 කට අයත් පුද්ගලයින් 1,54,782 කු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණකරණ මධ්‍යස්ථානය කියයි. 15 October 2024
හරිත කන්දේ කඳවුරු බඳින්න ගිය සරසවි සිසුන්ට බඹරු අනී බෝපත්තලාව හරිත කන්දේ කදවුරු බැදිමට ගිය රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකට අද (15) දින එල්ල වු බඹර ප්‍රහාරයකින් සිසුන් හයදෙනෙකු තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කළ බව බගවන්තලාව පොලිසිය පැවසිය. 15 October 2024
රනිල් බ්‍රහස්පතින්දා විශේෂ ප්‍රකාශයක් කරයි හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (17) විශේෂ ප්‍රකාශයක් කරනු ලබයි. 15 October 2024
දේශීය වෛද්‍ය සැපයුම් මිලදී ගන්න කැබිනට් අනුමැතිය දේශීය නිෂ්පාදකයින්ගෙන් වෛද්‍ය සැපයීම් මිලදී ගැනීමේ ගිවිසුම් වලට එළඹීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 15 October 2024
ණය කළමනාකරණ මෘදුකාංග පද්ධතියක් මිලදී ගන්න යයි ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණය කිරීම පිණිස අවශ්‍ය වන ණය කළමනාකරණ මෘදුකාංග පද්ධතියක් මිල දී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 15 October 2024
ආහාර ප්‍රතිපත්ති කමිටුව සංශෝධනය කරයි ආහාර ප්‍රතිපත්ති කමිටු නිලධරයන්ගේ සංයුතියේ සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 15 October 2024
ධීවරයන්ට සහන මල්ලක් ආර්ථික අර්බුදය හේතුවෙන් ධීවර කර්මාන්තයට ඇති වී තිබෙන බලපෑම අවම කර, ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 15 October 2024
පාසල් ළමුන්ට මත්කරල් විකුණා පොලිසියට මාට්ටු ළමුන් ඉලක්ක කර මත්කරල් අලෙවි කල පුද්ගලයන් දෙදෙනකු රුපියල් ලක්ෂ 36 පමණ වටිනාකමකින් යුත් මත්කරල් 24,000 ක් සමග අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි . 15 October 2024
හම්බන්තොට දිසාපති තනතුරේ වෙනසක් කරයි හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් දිසාපති තනතුරට පත්කිරීමක් සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 15 October 2024
ආණ්ඩුවේ රස පරීක්ෂක පත් කරයි ආණ්ඩුවේ රස පරීක්ෂක තනතුර සඳහා පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 15 October 2024
ගංජා සමඟ පොලිස් සැරයන් අත්අඩංගුවට අනුරාධපුර කඩ 12 ප්‍රදේශයේදි කේරළ ගංජා සමග අනුරාධපුර කොට්ඨාශ බුද්ධි අංශයේ රාජකාරි කළ පොලිස් සැරයන් වරයෙකු සහ තවත් පුද්ගලයෙකු මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ වලාන දුෂණ අංශයේ පොලිස් නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 15 October 2024
ගුවන් විදුලි ඉඩමක් ලංවිමට දෙයි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සතු ඉඩම් කොටසක් යෝජිත ඒකල ග්‍රිඩ් උපපොළ ඉදිකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය වෙත පවරා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 15 October 2024
මුහුදුබඩ දුම්රිය මාර්ගය අවහිර වෙයි මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බේරුවල සහ අලුත්ගම අතර මස්සල ප්‍රදේශයේ දී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව මුහුදුබඩ දුම්රිය මාර්ගය මුළුමනින්ම අවහිර වී ඇති බව කළුතර දුම්රිය ප්‍රකාශකයෙක් පැවසීය . 15 October 2024
තංගල්ල ප්‍රා.ස. හිටපු උප සභාපති අත්අඩංගුවට ව්‍යාජ අංක තහඩු සහිත ජීප් රථයක් ළග තබාගැනීමේ චෝදනාවට තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයා අද (15) තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය . 15 October 2024
සිවිල් ඉංජිනේරුවරයා වහලයෙන් ඇද වැටී මරුට පවතින වර්ෂාව තත්ත්වය මත දෙමහල් නිවසක ජලය කාන්දු වූ ස්ථානයකට සෙවිලි තහඩුවක් සවි කිරීමට යාමේදී පය ලිස්සා අඩි විසිපහක පමණ උසකින් බිමට ඇද වැටුණු යාන්ත්‍රික සිවිල් ඉංජිනේරුවරයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි. 15 October 2024
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026