
(නිමල කොඩිතුවක්කු)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත්කළ යුතුයි කියන මතයේ සිටි බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහනය වෙනුවෙන් ජනාධිපතිවරණයේදී සක්‍රීය දායකත්වයක් ලබා නොදුන් බවත් සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවැසීය.
එවැනි තත්ත්යක් තුළ සමගි ජන බලවේගය අජිත් මාන්නප්පෙරුම මහතාට නාමයෝජනා ලබාදෙන්න කටයුතු කළ බවත් හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කළේය.
පරදින බව දන්න නිසා ඔහු මහමැතිවරණයට තරඟ කිරීමෙන් ඉවත්ව ඇති බවත් සමගි ජන සන්ධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු පැවසීය.
එහිදී තවරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මෙසේද කීවේය.
“අජිත් මාන්නප්පෙරුම මහතා රනිල් වික්‍රමසිංහ මහතා රටේ ජනාධිපති කරවන්න තමයි මුල ඉදලම කටයුතු කළේ. සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අජිත් මාන්නප්පෙරුම මහතා සක්‍රීයව දායකත්වය ලබා දුන්නේ නැහැ. නමුත් සමගි ජන බලවේගය අජිත් මාන්නප්පෙරුම මහතාට නාමයෝජනා ලබාදීමට කටයුතු කළා. නාමයෝජනා භාරදීලා ඡන්දය ඉල්ලන්න නොහැකි බව ඔහු ප්‍රකාශ කිරීම රනිල් වික්‍රමසිංහ මහතාගේ කුමන්ත්‍රණයේ දිගුවක් ලෙස තමයි අපි දකින්නේ.
පවතින අධික වර්ෂාව හේතුවෙන් ඇති වී තිබෙන ගංවතුර තත්ත්වය නිසා ජනතාවගේ ජන ජීවිතය සම්පුර්ණයෙන්ම අඩාල වෙලා තිබෙනවා. ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා වන රජයේ මැදිහත්වීම ඉතාම අවම මට්ටමක තමයි පවතින්නේ. ගංවතුරෙන් පීඩාවට පත්වුණ ප්‍රදේශ නිරීක්ෂණය කිරීම සඳහා රජය නියෝජනය කරන කිසිදු දේශපාලඥයෙක් එම ස්ථානවලට නොගිය බවට අපට තොරතුරු වාර්තා වෙලා තිබෙනවා. ගංවතුරෙන් පිඩාවට පත් ජනතාවට කඩිනමින් සහන ලබාදීමට කටයුතු කරන්නැයි කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට පිස්සුද මාන්නප්පෙරුම හොඳින්ම වැඩ කළ අයෙකු බව මම දනිමි...!
මාන්නප්පෙරුමව කැපුවේ කවුද කියලා දැන් පැහැදිලියි. තමුන්ගේ නෝංජල් නායකයාට ඡන්දය ඉවර වෙනකල්වත් දිස්ත්‍රික්කයේ සමගිය රැකගන්න බැරි වුණු බවත් පැහැදිලියි...!
මාන්නප්පෙරුම සජිත් දිනවන්න වැඩ කළාද නැද්ද? අපි දන්නේ නෑ. හැබැයි මාන්නප්පෙරුම කියන්නේ උගත්, බුද්ධිමත් මිනිහෙක් බවත්, තාත්තලා නිසා රට කන්න දේශපාලනයට ආපු මිනිහෙක් නොවෙන බවත් අපි දන්නවා. සජිත් කියන්නේ පුද්ගලික අපේක්ෂා සහිත, රාජපක්ෂලාගේ පන්නයේම කෙනෙක් බව දැන දැනත් තවම ඒ වගේ පුස්සෙකුට කඩේ යන අයට ජනතාව මෙදා හොඳ පාඩමක් උගන්වයි. එදාට රනිල්ගේ පිහිට නැතුව වෙන පිහිටක් ඔහේටත් නැතිවෙයි...
මොහුගේ පියා ඉතාම වැදගත් විදිහට දේශපාලනය කළ මහත්මයෙක්, මොහු නම් නායකයාගේ කේවට්ටයෙක්...
ඔය ප්‍රශ්න වලින් අපිට වැඩක් නැහැ. මාලිමාව අනිවාර්යයෙන් ඡන්දෙ දිනනවා. ඡන්දෙ දිනලා ඔවුන් ඡන්දෙට කලින් පොරොන්දු වුණු විදහට වැඩ කළොත්, රටේ දූෂණය, වංචාව, නාස්තිය තුරන්වෙලා. රට සීග්‍ර ලෙස දියුණුවෙනවා. එහෙම වුණොත් ඔබලාට යන එන මන් නැතිවෙනවා. දැන් කළයුත්තේ හැමෝම එකතුවෙලා දූෂිතයින් පක්ෂෙන් එලවලා දමලා පක්ෂේ පිරිසිදු කරගෙන තද විනයක් ඇතිව ඉදිරි වැඩ කටයුතු කිරීමයි. ජනතා මුදලින් V8 වලට පැට්‍රල් ගහගෙන ගිය මිනිස්සුන්ට ඡන්දෙ දුන් යුගය අවසන්වී ඇත. ඉදිරියට මිනිස්සු ඡන්දෙ දෙන්නේ ඔවුන් සමග එකට බස්රියේ කෝච්චියේ යන ජනතා නියෝජිතයින්ට බව සිහි තබාගන්න. එංගලන්තේ, ජර්මනියේ මන්ත්‍රීලා කෝච්චියේ යනවා නම් කිමද ඔබලාට බැරි?
කවුරු ඉල්ලුවත් පරාදයි. හොරු ඔක්කොම ගෙදරට සහ බන්ධනාගාරයට..
මාන්නප්පෙරුමට තේරෙන්න ඇති පුස්සෙක් රජ කරවලා වැඩක් නැහැ කියලා.....