(අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් තනතුරෙන් ඉල්ලා අස්වීම කැබිනට් මණ්ඩලය විසින් පිළිගෙන තිබෙි.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් තනතුරේ සේවය කළ ජනාධිපති නීතිඥ තිසත් දේවප්‍රිය බණ්ඩාර විජයගුණවර්ධන මහතා 2024-10-9 දින සේවයෙන් පසුව එම තනතුරින් ඉල්ලා අස්වීම සඳහා ලිපියක් ඉදිරිපත් කර ඇතැයි රජය පවසයි.

එම ඉල්ලා අස්වීම පිළිගැනීම පිණිස අග්‍රාමාත්‍යවරිය  ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.