
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කළුතර ප්‍රදේශයේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපතිවරයාට අයත් යතුරුපැදියෙන් හොරයින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු වැලිපැන්න හොරවල හන්දියේදී අත්අඩංගුවට ගැනීමේදී ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයක් සමගම ඔහු මුදා ගැනීමට පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි ප්‍රහාර කීපයක් එල්ල කර පලවා හැරිය බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය කියයි.
වෙඩි ප්‍රහාරයෙන් කිසිවකුටත් තුවාල සිදුවී නැති අතර සැකකරුවන් එල්ල කරන ලද ගල් සහ හෙල්මට් ප්‍රහාරවලින් පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලැබූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් එම සැකකරු සන්තකයේ තිබි රුපියල් ලක්ෂ 5 ක ආසන්න වටිනා හොරයින් මත්කුඩු ගෑම් 15 කට ආසන්න ප්‍රමාණයක් පොලිසිය මගින් සොයාගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මනෝජ් ගයන්ත මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මත්ද්‍රව්‍ය හා ගිනි අවි ජාවාරමක් සම්බන්ධයෙන් විමර්ශන කටයුත්තක් සඳහා වැලිපැන්න පොලිස් වසමට පැමිණ වැලිපැන්න හොරවල මාර්ගයේ ධාවනය වූ යතුරුපැදියක් නවතා එහි පැදිකරු පරීක්ෂා කිරීමේදී ඔහු කලහාකාරී ලෙස හැසිරී පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන වැදී ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් නිලධාරියාට මාරුවක් ලැබේවි..., හෙරෝයින් රස පරීක්ෂකට යැව්වාට පස්සේ මාස 6කින් පමණ රිපෝර්ට් එක ඒවි. ඒවා පාන් පිටි කියලා නඩුව අවුරුදු 7-8 ඇදිලා ගිහින් නිකම්ම විසි කරනවා. මෙතෙක් දුරට මෙහෙම තමා සිදුවුනේ..., බලමු ඉදිරියට මේ ක්‍රමය වෙනස් වෙනවාද කියලා... රටේ සමහර නඩු අහන්න වසර 20ක් පමණ යනවා. හැමදාම වෙන්නේ නඩු කල්යන එකයි.. විනිසුරුවරුත් මනුෂ්‍යයෝ... එක දිනට නඩු 40-50 අහන්න. එක විනිසුරුවරයෙකුට බැහැ. රටේ ඉන්න විනිසුරුවරු ප්‍රමාණය අවම වශයෙන් 3 ගුණයකින්වත් වැඩි කරන්න ඕනේ...
පොලිස් ලොක්කත් සම්බන්ධ ඇති ආයේ වචන දෙකක් නැහැ .ඔහුගේ අවසරය හෝ අනුදැනුමක් නැතිව කොහොමද පොලිසියට අයත් වාහනයක් පිටස්තර පුද්ගලයෙක් භාවිතා කරන්නේ