(අංජුල මහික වීරරත්න)
හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් දිසාපති තනතුරට පත්කිරීමක් සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගෙන, හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/දිසාපති තනතුරේ දැනට සේවය කරනු ලබන එච්.පී.සුමනසේකර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය වෙත අනුයුක්ත කිරීමටත්, එම තනතුර සඳහා දැනට දකුණු පළාත් සභාවේ ක්‍රීඩා හා යෞවන කටයුතු, ග්‍රාමීය සංවර්ධන සංස්කෘතික කටයුතු, සමාජ සුබ සාධන හා පරිවාස ළමාරක්ෂක සේවා, කාන්තා කටයුතු හා ගෘහ ආර්ථීක, නිවාස ඉදිකිරීම්, නිවාස හා රැකි රක්ෂා අමාත්‍යාංශයේ ලේකම් ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි ඒ බී. අයි. ද සිල්වා මහතා පත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම තීරණයක්
මේක හරියට චන්ද්‍රිකා නෝනා දෙවැනි වාරයේ ජනාධිපතිවරණය වෙලාවේ එවකට හිටපු මැතිවරණ කොමසාරිස් නිවාඩු යවා සබරගමුවේ හිටපු ප්‍රධාන ලේකම් D M P B දසනායක මහතා වැඩබලන මැතිවරණ කොමසාරිස්වරයා හැටියට පත්කර ගත්තා වගේද කියලා හිතෙනවා..
සුබ පැතුම් බිමල් සර්.
මැතිවරණයක් කැඳවා ඇති අවස්ථාවක එයට සෘජුවම සම්බන්ධ කටයුතු කරන කෙනෙකුට ස්ථාන මාරුවක් ලබාදීම කෙසේවත් සුදුසු ක්‍රියාවක් නොවෙයි කියලා හිතන්නේ නැද්ද? පත්කිරීම මාරුකිරීම කරලා තියෙන්නේ... දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරින්ගේ නිසා තමයි වඩාත්ම නුසුදුසු වන්නේ...!
මහජනයාට වඩාත් හිතකාමී සේවාවක් ලබාදීමට හැකියාවක් ඇති, මැතිවරණයක් නියමාකාරයෙන් කරන්න පුළුවන් කෙනෙක් පත්කිරීම ගැන නව රජයට අපගේ සුබ පැතුම්...!