IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


IMF වැඩපිළිවෙල නිසා සුබ වාදී වෙමු

(අංජුල මහික වීරරත්න)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රනිල්ගේ ආණ්ඩුව එකඟ කරගත් ක්‍රියාදාමය වත්මන් ආණ්ඩුව එලෙසම පවත්වාගෙන යෑම යනු  රනිල්ගේ ප්‍රතිපත්ති මාලාව තවදුරටත් ලංකාවේ  ක්‍රියාත්මක වීම බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය.

ලාංකික මහජනතාව ඔවුන්ගේ අනාගතය පිළිබඳ වගකීම පහුගිය ජනාධිපතිවරණයේදී  බාරගෙන තිබෙන බව කී අබෙිවර්ධන දැන් රටේ ක්‍රියාත්මක වන්නේ රනිල් වික්‍රමසිංහ ගෙනගිය ආර්ථික සැලැස්ම නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි පැවසීය.

මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණය සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ, ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ තරඟ වදින අපේක්ෂකයින් සමග ගාල්ල උලුවිටිකේ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති විශේෂ හමුවෙන් අනතුරුව අදහස් දක්වමින් වජිර අබේවර්ධන මහතා මේ බව කීය.

විපක්ෂය විසින් ඔවුන්ගේ කාර්යභාරය හරිහැටි ඉටු කර නොමැති වාතාවරණයක අද විපක්ෂයේ කාර්යභාරය එක්සත් ජාතික පක්ෂය විසින් අනාගතයේදී හසුරුවන්නේ කෙසේද යන අභියෝගය පැවරී තිබෙන බව අබෙිවර්ධන මහතා පැවසීය .

"ඒ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ඉදිරි කාලය තුළ පෙලගැස්වීමේ කටයුතු අප දැනටමත් ආරම්භ කර තිබෙනවා.

ඒ වගේම ආණ්ඩුවේ ඉදිරි ගමන් මග පිළිබඳවත් විවිධ පාර්ශවය විවිධ මත ඉදිරිපත්කර තිබෙනවා. නමුත් ඒ ගැන තවම අපට නිසියාකාරව කියන්න හැකියාවක් නැහැ. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද ආර්ථික පරිවර්තන පනත, අයවැය කාර්යාලය, දූෂණ විරෝධී පනත, කාන්තාවන් සවිබලගැන්වීමේ පනත, ණය ප්‍රතිව්‍යුහගත කර නැවත ගෙවීමේ පනත යන පනත් සියල්ලම අපට පෙනෙන ලෙස වර්තමාන ජනාධිපති විසින් ඉදිරියට ගෙනයමින් තිබෙනවා. ඒ නිසා අපට දැන්ම ඒ සම්බන්ධයෙන් යම්කිසි නිගමනයකට එන්න හැකියාවක් නැහැ. 

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ගෙනගිය ආර්ථික ක්‍රියාදාමය වෙනස් නොකර එලෙසම වත්මන් ආණ්ඩුව විසින් ඉදිරියට ගෙනයන බවක් තමයි අපිට පෙනෙන්නට තිබෙන්නේ. උදාහරණයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අප එකඟ කරගත් ක්‍රියාදාමය ඔවුන් එලෙසම පවත්වාගෙන යනවා නම් ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ  ප්‍රතිපත්ති මාලාව ශ්‍රී ලංකාව තුළ තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. එසේනම් අපි දේශපාලන වශයෙන් ඒ දෙස වෙනම ආකාරයකට බැලිය යුතුව තිබෙනවා යනුවෙන්ද වජිර අබේවර්ධන මහතා පැවසීය.



අදහස් (1)

IMF වැඩපිළිවෙල නිසා සුබ වාදී වෙමු

රඛිත Tuesday, 15 October 2024 06:04 PM

ගෙදර නැවැතිලා කෙසෙල් පැලයක් හදාගෙන ජනමාධ්‍ය ඉස්සරහට එන්නැතුව හිටියා නම් මෙතුමා රටට, ජාතියට කරන්නේ මහඟු සේවයක්...!

:       5       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site