
(අංජුල මහික වීරරත්න)
මහජන ධනය සාංඝික දේපළක් හා සමානව සුරැකිය යුතු යැයිද එම ධනය වංචාවට හෝ දූෂණයට ලක් කිරීමට කිසිදු අයෙකුට යුක්ති සහගත අයිතියක් නැතැයි ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රාජකාරී සීමාව තුළ රාජ්‍ය සේවකයා ගනු ලබන ජනතා හිතවාදී සෑම කටයුත්තක් වෙනුවෙන්ම තමන් පෙනී සිටින අතර නොකළ යුතු දේ කළහොත් ඊට අදාළ ක්‍රියා මාර්ග ගැනීමට නොපැකිලෙන බවද ජනාධිපතිවරයා කීය.
මහජන ධනය සුරැකීමට ජනාධිපතිවරයාට මෙන්ම සියලු රාජ්‍ය නිලධාරීන්ටත් වගවීමක් තිබෙන බව ද ජනාධිපති පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කීවෙි බලශක්ති අමාත්‍යාංශයේ අද (15) පෙරවරුවේ පැවැති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක්විය.
පුරවැසියන් තෘප්තිමත් වන රාජ්‍ය සේවයක් වෙනුවෙන් කටයුතු කළ යුතු බව කී ජනාධිපතිවරයා ඉදිරි වසර තුන ඇතුලත බලශක්ති ක්ෂේත්‍රයේ ඉලක්ක සපුරා ගැනීම සඳහා වන ව්‍යාපෘති විධිමත් සහ කඩිනම් කළ යුතු බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාවට නම් ලකුණු 100%යි. ලොක්කෝ කරන කියන ඔක්කොම හරි කියන දායකසභාවේ නොවන අපි ක්‍රියාවත් එසේම වනු ඇත්දැයි බලා සිටිමු.
මෙසේ විවෘතව කතා කරපු පාලකයෙක් ඉතිහාසය පුරා දැැක නැත. නිළධාරීන් සහ තම තමන්ගේ ගෝලයන් හවුලේ කෑම මෙතෙක් තිබූ ප්‍රතිපත්තියයි. නායකයන් හරිමග යනවිට පහළ ස්ථරවල අයට ඉබේම නිවැරැදිව කටයුතු කළයුතු වෙනවා.
සුවඳ පැනින් නහවා පිරිසුදු කළත් සුනඛයෝ අසුචි බුදින එක නවත්වන්නේ නැහැ වගේ.. කොහොම කීවත්, මොන වැටුප් වැඩිවීම් දුන්නත් ලංකාවේ රජයේ සේවකයෝ පගාව ගන්න එක නතර කරන්නෙත් නැහැ. මොවුන්ව හදන්න නම් අල්ලස් ගන්න මිනිස්සුන්ට අර සවුදියේ, චිනේ සහ උතුරු කොරියාවේ දෙන දඬුවම් නීතිගත කොට ලංකාවේත් ක්‍රියාත්මක කරන්න ඕනේ..!
ඒක ලේසි වැඩක් නෙමෙයි. කාලාන්තරයක් තිස්සේ වංචාවට, දූෂණයට, අල්ලසට හුරුවෙලා ඉන්න නිලධාරීන්ට එකවරම ඒවා නවත්වා ගන්න අමාරු වේවි, සාංඝික දේපලත් කොල්ලකන පිරිස් ඉන්න රටක. නමුත් කෙසේ හෝ කළ යුතුයි. පාලකයා ආදර්ශමත් වුණොත් අනිත් අය ටිකෙන් ටික හැදෙයි.
ඔයත් ධර්මෙන් දීලා බුරුමෙන් විදින්න හදන්න එපා !!!
සමහරුන්ට නම් කියලා හරියන්නේ නැතුව ඇති ජනාධිපතිතුමනි... ඒ නිසා හෙන්ඩුවත් අතට ගන්න සූදානම් වෙලා ඉන්න.
සෙනවිරත්න, අපේ රටේ සාංඝික දේපළ විකුණන්නේ සංගමය..
සාංඝික දේපළත් හොරාකාපු දේශපාලුවෝ ඉන්න රටක් මේක.
ජනාධිපතිතුමා පවසා තියෙන්නේ රජයේ සේවකයින් පිරිසක් සමඟ, කැලේ මාරු වුණාට මේ අයගේ පුල්ලි මාරුවේද කියා බලන් ඉම්මු...!
මේ රජයේ සේවකයින් පගාව ගන්න එක නවත්වන්න නම් සෞදි අරාබියේ, චීනේ සහ උතුරු කොරියාවේ මෙවැනි වැරැදිවලට දෙන දඬුවම් මෙහෙත් පනතක් මගින් නීතිගත කරලා, දඬුවම ක්‍රියාත්මක කරන්න වෙනවා. මෝටර් රථ දෙපාර්තමේන්තුව, පාස්පෝර්ට්, රේගු, ආදායම් බදු, සුරාබදු දෙපාර්තමේන්තු ගැන කතාකරලා වැඩක් නැහැ. කෙටියෙන් කියනවා නම් වැඩියෙන්ම අල්ලස් ගන්නේ අල්ලස් කොමිසමේ මිනිස්සු...
අල්ලස නැති කරොත් අපේ රටේ ඒකපුද්ගල දළ ජාතික නිෂ්පාදනය ආසියාවේ පළවෙනි ස්ථාන 5 අතරට වසර 10 තුළ ගෙනඑන්න පුළුවන්...
ජනාධිපතිතුමනි ඔබ රටට ආදර්ශමත් නායකයෙක්. මෙරට තුල ඔන් මැක්ස් නමින් කූට ජාවාරමක් සිදු කර අපගේ මුදල් ලබා ගෙන ඇත. මේ පිලිබද සොයා බලන මෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි.