IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


තංගල්ල ප්‍රා.ස. හිටපු උප සභාපති අත්අඩංගුවට

(පද්මසිරි ගාර්දියවසම් )  

ව්‍යාජ අංක තහඩු සහිත ජීප් රථයක් ළග තබාගැනීමේ චෝදනාවට තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයා අද (15)  තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය . 

සැකකරු භාවිතා කරන ලද ජීප් රථය බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ නිවසක් අසල නවතා තිබියදී ඉකුත් දා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිළධාරින් විසින් තම භාරයට ගෙන තිබිණි . 

 ජීප් රථය තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයා පාවිච්චි කල වාහනයක් බවට කරුණු අනාවරණය වූ බවද පොලිසිය පැවසීය .  ‍

 මෙම ජීප් රථයේ අංකය ව්‍යාජ එකක් බවත් මෙම අංකය හිමි වාහනය ගම්පොළ ප්‍රදේශයේ පදිංචි කරුවෙකුට අයත් එකක් බවට කරුණු අනාවරණය වීමෙන් පසු සැකපිට හිටපු උප සභාපතිවරයා අත් අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය



අදහස් (4)

තංගල්ල ප්‍රා.ස. හිටපු උප සභාපති අත්අඩංගුවට

සෙනෙවිරත්න Tuesday, 15 October 2024 11:15 AM

මාධ්‍ය සංදර්ශන කියල කියන්න එපා, කලින් පොලිසිය නොදැක්කා වගේ හිටපුවා දැන් දැක්කා වගේ ක්‍රියාත්මක වෙනවා. ඒකයි වෙනස.

:       0       55

දිමිත්‍රි Tuesday, 15 October 2024 11:24 AM

ටිකෙන් ටික නමුත් නියම විදිහට යුක්තියේ දැති රෝදය කැරකෙනවා වගේ. හොරකම් කරලනං බාරයක් වෙලාවත් බැලුවොත් හොඳයි.

:       0       57

don Tuesday, 15 October 2024 01:18 PM

කරුණාකර රජයේ නිලධාරීන්ට අල්ලස් ලෙස දෙන බදු නිදහස් වාහන බලපත්‍ර සදහටම අහෝසි කර ඔවුනට රාජකාරි කාලය තුළ වැඩ කිරිමට තෝරාගත් රජයේ වාහනයක් දෙන්න.

:       0       0

Renuka Panawenna Friday, 18 October 2024 12:32 PM

නීති විරෝධි දේ කළ අයට නිසි දඬුවම් දිය යුතුයි. තංගල්ල නගර සභාවකි. වාහන නැවැත්වීම සඳහා ටිකට් නිකුත්කිරීමට දී ඇති ටෙන්ඩර් ගැන ද පරීක්ෂා කළ යුතුම සභාවකි. තංගල්ල පරෙවි වෙරළ car park හි පැය භාගයකට නවතා තැබුව ද අය කිරීම රුපියල් 200/= ක්. අසාධාරණ මුදලේ වැඩිපුර කොටසක් කාගේ හෝ සාක්කුවකට විය යුතුයි. ගාලු කොටුවේ රථ වාහන නවතා තැබීමට අය කිරීම පැයකට රු.50/=කි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site