
(පද්මසිරි ගාර්දියවසම් )
ව්‍යාජ අංක තහඩු සහිත ජීප් රථයක් ළග තබාගැනීමේ චෝදනාවට තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයා අද (15) තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය .
සැකකරු භාවිතා කරන ලද ජීප් රථය බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ නිවසක් අසල නවතා තිබියදී ඉකුත් දා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිළධාරින් විසින් තම භාරයට ගෙන තිබිණි .
ජීප් රථය තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයා පාවිච්චි කල වාහනයක් බවට කරුණු අනාවරණය වූ බවද පොලිසිය පැවසීය .
මෙම ජීප් රථයේ අංකය ව්‍යාජ එකක් බවත් මෙම අංකය හිමි වාහනය ගම්පොළ ප්‍රදේශයේ පදිංචි කරුවෙකුට අයත් එකක් බවට කරුණු අනාවරණය වීමෙන් පසු සැකපිට හිටපු උප සභාපතිවරයා අත් අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාධ්‍ය සංදර්ශන කියල කියන්න එපා, කලින් පොලිසිය නොදැක්කා වගේ හිටපුවා දැන් දැක්කා වගේ ක්‍රියාත්මක වෙනවා. ඒකයි වෙනස.
ටිකෙන් ටික නමුත් නියම විදිහට යුක්තියේ දැති රෝදය කැරකෙනවා වගේ. හොරකම් කරලනං බාරයක් වෙලාවත් බැලුවොත් හොඳයි.
කරුණාකර රජයේ නිලධාරීන්ට අල්ලස් ලෙස දෙන බදු නිදහස් වාහන බලපත්‍ර සදහටම අහෝසි කර ඔවුනට රාජකාරි කාලය තුළ වැඩ කිරිමට තෝරාගත් රජයේ වාහනයක් දෙන්න.
නීති විරෝධි දේ කළ අයට නිසි දඬුවම් දිය යුතුයි. තංගල්ල නගර සභාවකි. වාහන නැවැත්වීම සඳහා ටිකට් නිකුත්කිරීමට දී ඇති ටෙන්ඩර් ගැන ද පරීක්ෂා කළ යුතුම සභාවකි. තංගල්ල පරෙවි වෙරළ car park හි පැය භාගයකට නවතා තැබුව ද අය කිරීම රුපියල් 200/= ක්. අසාධාරණ මුදලේ වැඩිපුර කොටසක් කාගේ හෝ සාක්කුවකට විය යුතුයි. ගාලු කොටුවේ රථ වාහන නවතා තැබීමට අය කිරීම පැයකට රු.50/=කි.