(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සතු ඉඩම් කොටසක් යෝජිත ඒකල ග්‍රිඩ් උපපොළ ඉදිකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය වෙත පවරා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඒකල සහ ඒ අවට ප්‍රදේශය තුළ පවතින ඉහළ විදුලි ඉල්ලුම අනුව අඛණ්ඩව විදුලිය සැපයීම මෙන්ම දැනට පවතින විදුලි බල පද්ධතියේ ගුණාත්මක බව ඉහළ නැංවීම අරමුණු කර ගනිමින්, ඒකල කර්මාන්ත පුරය තුළ ග්‍රීඩ් උපපොළක් ඉදි කිරීමට යෝජනා වී ඇත. ඒකල සැන්ඩ්ක්‍රොප් වත්තට යාබදව පිහිටි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සතු අක්කර 10 ක ඉඩමෙන් අක්කර 02යි රූඩ් 02 ක ඉඩම් කොටසක් යොදා ගෙන එකී ග්‍රිඩ් උපපොළ ඉදිකිරීම සුදුසු බවට හඳුනාගනු ලැබ තිබේ.
ඒ අනුව එකී ඉඩම් කොටස රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ තක්සේරු වටිනාකම වන රුපියල් මිලියන 320 ක මුදල අය කරගෙන ලංකා විදුලිබල මණ්ඩලය වෙත පවරා දීම පිණිස බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 30
61
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගුවන් විදුලි ඉඩමක් ලංවිමට දෙයි