ධීවර අමාත්‍යාංශයෙන් රජයට කෝටි 22 ක පාඩුවක්
දේශීය අරමුදල්වලින් ක්‍රියාත්මක කරන ලද වරාය ව්‍යාපෘති හතරක ඉදිකිරීම් සිදුකළ කොන්ත්‍රාත්කරුවන් දෙදෙනෙකුට අදාල මුදල් ගෙවීම ප්‍රමාද කිරීම නිසා ඔවුනට ප්‍රමාද පොලී ගෙවීම හේතුවෙන් ධීවර අමාත්‍යාංශය විසින් රජයට රුපියල් 226 ,324 ,249 ක මූල්‍ය අලාභයක් සිදුකර ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.