
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගල්කිස්ස රත්මලාන ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී විදේශීය රටක නිෂ්පාදිත රිවොල්වර වර්ගයේ ගිනි අවියක් සොයා ගැනීමට හැකිවූ බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි
සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 800 ක් සොයා ගැනීමට හැකි වී ඇත.
ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම ගිණි අවිය මොරටුව ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදීත් සොයාගැනීමට හැකි වී ඇත.
මෙම ගිනි අවිය යොදාගෙන අපරාධ සිදුකර ඇද්ද සැකකරුට ගිනි අවිය ලද ආකාරය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියමිතය.
33 හැවිරිදි සැකකරු රත්මලාන පදිංචිකරුවෙකි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකන් කෙනෙක් නොවේ. ශුවර් එකටම කුඩු බිස්නස් කරන කෙනෙක්.