
(ගයාන් සූරියආරච්චි සහ ක්‍රිෂාන් ජිවක ජයරුක්)
දකුණ පළාත් සභාවේ සමගි ජනබලවේගය හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකුට අයත් කැබ් රථයක් මාතර පබුරන ප්‍රදේශයේ සංචාරක නිකේතනයක් පිටුපස දමාගොස් තිබියදී මාතර පොලිසිය සොයාගෙන ඇත.
මාතර පබුරන ප්‍රදේශයේ අයිතිකරුවකු නොමැති කැබ් රථයක් කිසියම් පුද්ගලයකු විසින් දමාගොස් තිබෙන බවට මාතර පොලිසියට ලද තොරතුරක් මත නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් එම කැබ් රථය අත්අඩංගුවට ගෙන තිබේ.
පසුව එම කැබ් රථය මාතර පොලිස් ස්ථානයට රැගෙන විත් ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී එම කැබ් රථය දකුණු පළාත් සභාවේ සමගි ජනබලවේගය හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු විසින් රියැදුරකු සමග එම කැබ් රථයෙන් පැමිණ සංචාරක නිකේතනය පිටුපස දමාගොස් ඇති බවට තොරතුරු අනාවණය වී ඇත.
අත්අඩංගුවට ගත් කැබ් රථය රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර ඇත.
මාතර දිසාව බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතාගේ උපදෙස් පරිදි මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක චන්දන හෙට්ටිආරච්චි මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් වැඩිදුර විමර්ශන සිදුකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලාගේ නායකතුමා ගාවත් මේ වර ඡන්දය ඉල්ලන්න හිටපු පලා බබෙක්ගෙන් ණයට ගත්තු ඔයින් එකක් තියනවා කියලා අහලා තියෙනවා. පලා බබා ඉල්ලුවාලු තාම දුන්නේ නෑලු....!
හිටපු මන්ත්‍රී හොරුනේ... අනේ මගේ වත්තේත් වාහනයක් දාලා යන්නකෝ...