
(අංජුල මහික වීරරත්න)
ලංකාවේ උපයන විට ගෙවීමේ බද්ද (Payable tax when earned) බොහොම වැඩි බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පැවසීය.
මෙයින් වැඩිපුර පීඩාවට පත්ව සිටින්නේ පහළ මධ්‍යම පංතිය බව කී ජනාධිපති ලේකම්වරයා එම බදු අය කිරීම අඩු කරගත යුතු බව සඳහන් කළේය.
ජනාධිපති ලේකම්වරයා මේ බව කීවේදේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ 21 වැනි වාර්ෂික මහා සභා රැස්වීමට කොළඹදී සහභාගී වෙමිනි.
එහිදී ජනාධිපති ලේකම්වරයා මෙසේද කීය.
ඉලක්කයක් දුන්න පලියට එම ඉලක්කවලට ලඟා වෙන්න බැහැ.ඊට අවශ්‍ය වෙන පරිසරයක් හැදෙන්න ඕන.ලෝකයේ අනෙක් රටවල් වල කටයුතු කරන විධි ඒ අය පාවිච්චි කරන අලුත් ක්‍රමවේද පිළිබඳව පැහැදිලි අවබෝධයක් තිබිය යුතුයි.එහෙම නොවුනොත් ලෝකයක් ඉදිරියේ අපි අයින් වෙලා යනවා.
එතකොට අපේ ඉස්සරහට අයි.එම්.එෆ්, ලෝක බැංකුව ආදිය ඇවිල්ලා අපිට බලපෑම් කරන්න යනවා.ජාත්‍යන්තරයේ අනෙක් රටවල ආදායම් දෙපාර්තමේන්තුව තියෙන තැනට අපිත් යන්න ඕන.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd