
(යොහාන් භාසුර)
සහල් ගැටලුවට ස්ථිර විසඳුමක් ගෙනදීම සඳහා වී මෙට්‍රික්ටොන් ලක්‍ෂ 4ක් පමණ මිලදී ගැනීමට වී අළෙවි මණ්ඩලයේ ගබඩා පහසුකම් වැඩිදියුණු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දුන් බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතා අද (28) පැවසීය.
ආණ්ඩුව සතුව වී නොමැති වීම සහල් ප්‍රශ්නයට විසඳුම් දීමට ප්‍රධාන ගැටලුව බවට පත්ව ඇති බවත් ලබන කන්නයේ වී මිලදීගැනීමට ගබඩා පහසුකම් දියුණු කරමින් සිටින බවත් වික්‍රමසිංහ මහතා කීය.
සහල් මිල හතර පස්දෙනෙක්ට තීරණය කිරීමේ අවස්ථාව මින් පසුව නොලැබෙන බවද ඒ වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ තිරසාර විසඳුමක්. හැබැයි එක කාර්‍යක්ෂම වෙන්න ඕනේ. ගොවියාට මුදල් ප්‍රමාදයකින් තොරව ලැබෙන්න ඕනේ. වී අලෙවි මණ්ඩලයේ කාර්යක්ෂමව වැඩේ සිද්ද කරන්න ඕනේ...