
(ඉන්දිකා රාමනායක )
කටුනායක ගුවන් තොටුපොලේ බෝම්බයක් ඇති බවට ව්‍යාජ දුරකථන ඇමතුමක් ලබා දුන්පුද්ගලයෙකු වාරියපොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වාරියපොළ ප්‍රදේශයේ පදිංචි (67) හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කරයි.
කටුනායක ගුවන් තොටුපොලෙහි බෝම්බයක් ඇති බවට සඳහන් කරමින් මොහු ඉකුත් (27) දින ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ කළමනාකරුට දුරකථනයෙන් ඇමතුමක් ලබා දී ඇති බව පොලිසිය සඳහන් කරයි.
මෙම ඇමතුමෙන් අනතුරුව ගුවන් තොටුපොලේ කටයුතු වලට බාධා එල්ල වූ අතර, ගුවන් තොටුපොල සහ මගීන් දැඩි පරීක්ෂාවට ලක් කර ගුවන් ගමන් ප්‍රමාදයක් ද සිදුව තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයසට ගියත් ගිනිතැබීම අත්නොහරින මේ හනුමන්තා, ගම්මන්පිලගේ යාලුවෙක්වත්ද?
ගල් කඩන්න හිරේ දැම්ම නම් අමාරුව හොඳ වෙනවා..