
(යොහාන් භාසුර)
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ ඡන්ද පදනම පහළට වැවී ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද පදනම සියයට 10 ක් දක්වා වර්ධනය වී ඇති බවත් එම පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා අද (28) පැවසීය.
බත්තරමුල්ලේ පිහිටි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවේදී සාගර කාරියවසම් මහතා එසේ පැවසීය.
වත්මන් ආණ්ඩුව බලයට පැමිණ දින 34 කට පසුව පසුගිය 26 වැනිදා පැවැති ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීමේ ප්‍රතිපළ අනුව පැහැදිලිවම ජනතා විමුක්ති පෙරමුණ මූලිකත්වය ගත්ත මාලිමාවේ ඡන්ද පදනම පහළට වැටිලා තිබෙන බවත් මාසයකුත් දින 4ක් ඇතුළත මෙවැනි සීග්‍ර වර්ධනයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද පදනමට ලබාදීම සම්බන්ධයෙන් ඇල්පිටිය ජනතාවට ගෞරවය පුද කරන බවත් ඒ මහතා කීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙකයි පනහට වැටුණැයි කියපු අයට ඇල්පිටිය ඡන්ද ප්‍රතිපලය හොඳ පිළිතුරක් දුන් බව කී ඒ මහතා පොහොට්ටුවේ නායකයින් උගණ්ඩාවට මුදල් ගෙනිච්චා යැයි බොරු චෝදනා කර ජනතාව රවට්ටලා, ජනතාව නොමග යවලා වර්තමාන ආණ්ඩුව ඡන්දය ගත් බව පැහැදිළි බවත් ඔහු කීය.
ඇල්පිටිය ඡන්ද ප්‍රතිඵලය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව ලොකු වෙනසක් ඇති කරන වැරදි නිවරදි කිරීමට හොඳ මාවතක් බව ද ඒ මහා සඳහන් කළේය.
යහපාලන ආණ්ඩුව පැමිණි කාලයේ පොදුජන පෙරමුණ විරුද්ධ වෙද්දී එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වී ජනතා විමුක්ති පෙරමුණ පළාත් පාලන ඡන්ද ක්‍රමයේ මහා විකෘතිය ඇති කළ බව කී ඒ මහතා ඒ ඇති කළ විකෘතියේ සෘජු ප්‍රතිපල ඔවුන්ට විදීමට සිදුව ඇති බව ද සඳහන් කළේය.
ජනතා විමුක්ති පෙරමුණට බලය තියෙන මේ අවස්ථාවේදීවත් රට ගැන හිතන ලෙස ඉල්ලා සිටින බව කී කාරියවසම් මහතා පැවසුවේ රාජපක්ෂවරුන්ට බොරු චෝදනා කර, පොහොට්ටුවට බොරු චෝදනා කර ජනමනස වෛරයෙන් පුරවා, ජනතාව රවටා ජාතික ජනබලවේගය ඡන්ද ලබාගත් බවත්ය.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විදේශ ණය ගන්නා විට රටේ ජනතාව ණය කරනවා, අනාගත පරපුර ණය කරනවා යැයි වර්තමාන ජනාධිපතිවරයා දිගින් දිගටම පැවසූ බවත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගත් ණයවලින් අධිවේගී මාර්ග, ගුවන්තොටුපොළ, වරාය, නෙලුම් කුළුණ, මහා දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රම, මහා දැවැන්ත සංවර්ධනයක් රටට දුන් බවත් ඒ මහතා සඳහන් කළේය.
රට ණය කරන්නේ නැහැ, ණය ගන්නේ නැහැ කියපු අනුර කුමාර ආණ්ඩුව දිගින් දිගටම විදේශ ණය, බැඳුම්කර ණය ඇතුළු විවිධාකාරයෙන් ණය ගනිමින් සිටින බවත් වර්තමාන ආණ්ඩුව ජනතාවට සහන දීම වෙනුවට තාප්ප කඩලා, ගේට්ටු කඩලා සංදර්ශන පැවැත්වූ බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවල් හීන, මිනිස්සු ආයෙත් මෝඩවෙන්නේ නෑ. රාජපක්ෂ ගෑවිච්චි තැනකවත් ඡන්දයක් දෙන්නේ නෑ. මේ ගොල්ලෝ තමයි මේ රට ප්‍රපාතයට ඇදලා දැම්මේ...
මම හිතන්නෑ මිනිස්සු බේරේ ඇලේ කක්කා නාන්න ඔච්චර අසා ඇති කියලා.. සාගර මහත්තයා ගිහිං නාලා පෙන්නන්න ඉස්සෙල්ලාම කක්කා නාන්න පුලුවන් කියලා...
2.5% කින් 10% කියන්නේ ඉතාමත්ම කුඩා සංඛ්‍යාවක්.. මෙයාට ඒකවත් තේරෙන්නේ නැතිව ඇති...
මහින්ද ආසියාවේ ආශ්චර්යය පෙන්වනවා කියලා, පවුලේ අයව කිට්ටු කරගෙන මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම විනාශ කරපු හැටි නම් අපි දන්නවා. නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා හොඳට තිබුණු අපේ රට හිඟාකන ජාතියක් බවට පත්කෙරුවා.
ඒ කියන්නේ මේ පාර ඇප බේරාගන්න පුළුවන් වෙයි නේද...?
මෙයාලා ඡන්ද ප්‍රතිඵල විශ්ලේෂණය කරන්න දන්නෑ. සුරංගනා ලෝකෙ තවමත් ඉන්නවා.
ඡන්ද පදනම තව වැඩි කර ගන්න පුළුවන් වර්තමාන ආණ්ඩුවේ දවල් මිගෙල් රෑ දැනියෙල් සෙල්ලම රටට හෙළි කළොත්. එක් මාසයකට කෙතරම් නම් සල්ලි තොගයක් අච්චු ගසා ඇද්ද...? සත පහක් වැඩක් කළේ නැත්තම් අර ගත් ණය ප්‍රමාණය කොපමණද..? රාජ්‍ය නිලධාරින් පත් කිරීමේ දී තමන්ගේ ඡන්ද වේදිකාවේ හුන් අයට වරදාන දීම, හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කරන මුවාවෙන්, ත්‍රස්තවාදයෙන් රට බේරාගත් මහින්ද ජනපතිත්, ආර්ථික අර්බුදයෙන් සහ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ මැර ප්‍රහාරයෙන් රට බේරා ගත් රනිල් මහතාටත් කරන තුට්ටු දෙකේ කෙනෙහිලිකම් ගැනත්, විපක්ෂයේ සිටින විට කළ කී දේ සහ බලය ලැබුණු පසු හැසිරෙන චව්ර කුහක විලාසයත් රටට පෙන්වා දුන්නොත්...!
මෙයා නම් බත් කන කෙනෙක් නෙමෙයි...
ඔයා නිසා තමයි පොහොට්ටුවට දවසක කෙළවෙන්නේ. බැසිල් රාජපක්ෂ සහ සාගර කාරියවසම් වගේ අය ඉන්නකන් පොහොට්ටුවට නැගිටීමක් නෑ. ඒකයි ඇත්ත කතාව. අර මහින්ද මහත්තයා විනාශ කළේත් ඔය බැසිල් තමයි.
ඔයා ඇල්පිටියේ හින්දා වෙන්න ඇති... අපි නොදන්න ඔයා... මාර චූන්... තව චූන් වෙන්න මහ මැතිවරණය දිනන්න පුළුවන්...
ඔව් සියයට 10 තියාගෙන මහ මැතිවරණය දිනලා පෙන්නන්නකෝ...! මෙයා තමයි පොහොට්ටුව වෙනස් කරන අනිත් කෙනා.