
(යොහාන් භාසුර)
දුම්රිය ස්ථානාධිපතීන්ගේ බදවාගැනීමේ සහ උසස්වීම් ගැටලුවට ඉදිරි පැය 72 ක තුළ විසඳුමක් නොදුණ හොත් ක්‍ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා අද (28) පස්වරුවේ පැවසීය.
දුම්රිය නියාමක සහ දුම්රිය ස්ථානාධිපති තනතුරු සඳහා වසර පහෙන් පහට ශ්‍රේණි උසස්වීම් දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවත් ඒ අනුව පැරණි විභාග ප්‍රතිඵල මත නියාමකවරුන්ගේ උසස්වීම් දී වැටුප් පරිවර්ථනය ද සකසා ඇති බවත් සෝමරත්න මහතා කීය.
දුම්රිය ස්ථානාධිපතිවරුන් සඳහා බඳවාගැනීමේ පටිපාටිය අනුමත කිරීමෙන් පසු උසස් කිරීමේ ක්‍රමවේදය ආරම්භ කළ යුතු යැයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා දැනුම් දී ඇති බව කියන සභාපතිවරයා දුම්රිය ස්ථානාධිපති තනතුරට අදාල බඳවාගැනීමේ පටිපාටිය නියාමක සංගමයේ විරෝධය හේතුවෙන් අනුමැතිය සඳහා ඉදිරිපත් කර නොමැති බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භාරකාර ආණ්ඩුවකට බලය පෙන්වන තකතීරු වෘත්තීය සමිති විනාශ කර දැමීමට පියවර ගන්න ඕන නේද? ඒ තරමට මෝඩ වෘත්තීය සමිතිවලට පැවැත්මක් තිබේද?
මේගොල්ලන්ට වැඩවර්ජන කළේ නැතිනම් නිකන් කෑවේ නැහැ... කෑවෙ නැහැ වගේ ඇති නේද?