
(ආරියරත්න රණබාහු)
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීමට අදාළව කැබිනට් තීරණයක් ගත් බව රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළත් ඊට අදාළ නියමිත ක්‍රමවේදය අනුගමනය කර නැතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනේ අමරසූරිය මෙනවිය පැවසුවාය
මෙවර පාර්ලිමේන්තුමහ මැතිවරණයට ඉදිරිපත් වී සිටිනජාතික ජනබලවේගයේ අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ ජය තහවුරු කිරීම සඳහා පාදුක්ක නගරයේ ඊයේ (27) පැවති ජන හමුවක් අමතමින් ඒ බව පැවසූ අගමැතිනියඑහිදී මෙසේද පැවසුවාය
රජයේ සේවකයින්ගෙ වැටුප් වර්ධනය කිරීමටරනිල් වික්‍රමසිංහ මහතා ගන්නා ලදැයි කියන කැබිනට් තීරණය අපි පරීක්ෂා කළා එහිදී අපට දැනගන්ට ලැබුණා ඒ සඳහා භාණ්ඩාගාරයෙන්වත් මුදල් අමාත්‍යාංශයවත් අනුමතයක් අරගෙන නොවෙයි ඒ තීරණය ප්‍රකාශ කරලා තියෙන්නේ.
ඒක මැතිවරණ කාලය තුළ ජනතාව නොමග යැවීමට බොරු පොරොන්දුවක් කියලා දැන් පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනික් අයගේ පරණ පොරොන්දු වලින් දැන් වැඩක් නෑ. ඔයගොල්ලෝ පොරොන්දු වුණු විදියට තෙල් රුපියල් 150ට දෙන්නකෝ...?
රනිල් බොරුවක් කියලා නම් ඔය පඩි වැඩිකිරීම දෙන්න බෑ තමයි. හැබැයි ඒ වගේම පේනවා ජනාධිපති ඡන්දෙට කලින් පඩි වැඩිකිරීම ඉල්ලලා හිටි මාලිමාව දැන් බලය ලැබුණාම ඒ ඉල්ලීම එක පාර දෙන්නෙත් නෑ කියලා. ඒ කියන්නේ දැන් තේරෙනවා ආවාට ගියාට වර්ජන කරපු පමණට ඉල්ලන ඉල්ලන දේ දෙන්න බෑ කියලත්. සතුටුයි දිනපු එක... මොකද එහෙම නැත්නම් ඔයාලාට ප්‍රායෝගික අවබෝධය එන්න වෙන විදිහක් නෑ. දැන් ඕක ලාල් කාන්තට එහෙමත් කියන්න.
වලව්වෙන් ඇවිත් මෙහෙම කියන කෙනෙක් දැක්කාමයි. නම හරි වුණාට වැඩ වරදියි.
ඔය දේශපාලන පින් බතාලා කවද්ද නීතිය තැකුවේ? ඔවුන් කාලයක් හිතා උන්නා ඔවුන්ගේ වචනය තමා නීතිය කියලා. දැන් ඒ යුගය ඉවරයි. දැන් මහජනතාවගේ යුගය... !
රාජ්‍ය සේවයේ අත්දැකීම් තියෙන කෙනෙක් හැටියට අගමැති හරිනි කියන්නේ අමූලික බොරු කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ මෙතෙක් කලක් රනිල් කියපු දෙයක් නොකලේ නැහැ. උගතුන් නොදන්නවා වුණත් බුද්ධිමත් ජනතාව හරිනිගේ කතා පිළිගන්නේ නැහැ..
ලංකාවේ රාජ්‍ය සේවකයෝ තරම් රැවටෙන ජාතියක් තවත් නැතිව ඇති...!
එතකොට මේ ළඟදී කාගෙද කැබිනට් පේපර් වගයක් විසි වුනේ? ඒවා නිසි ක්‍රමවේදයට හදලා වැඩි හින්දා වෙන්න ඇති නේද?
මෝඩකමට බෙහෙත් නැහැ නෝනේ... ඔහෙත් පාර්ලිමේන්තුවේ කාලයක් හිටියා නේද? ඉතින් නෝනේ අහලා නැද්ද පාර්ලිමේන්තුවට ජනාධිපති පනතක් හෝ වෙනත් විධි විධානයක් ඉදිරිපත් කිරීමේදී කැබිනට් එකේවත් අනුමැතිය අවශ්‍ය නැහැ කියලා ඒත් රනිල් මැතිතුමා රජයේ සේවකයින් සඳහා වැටුප් වැඩිකිරීම සඳහා යෝජනාව ඉදිරිපත් කළේම කැබිනට් අනුමැතිය ඇතිව නම් වෙන මොන කෙන්ගෙඩියක්ද ඕනෑ කරන්නේ... කියන්න ඇත්තටම මේ වෙලාවේ මට අපායට යන්න ඕනෑ නම් කරන්න මහ ඇමැතිකම එක මොහොතකට (මහ ඇමැති කිව්වේ අගමැතිට) ඊළඟට ඔහේට කියන්නේ හතරවෙනි සිල්පදය කඩන්න එපා කියලා තමයි...
අන්න සීයා කිව්වා ව්‍යවස්ථාව ගැන ඉගෙනගන්න එන්න කියලා
රනිල්ගෙ බොරු පොරොන්දු වලින් වැඩක් නැත. ඔයලා දුන්න පොරොන්දු ඉෂ්ට කරන්නකෝ