
(ජේ.ඉඳුරුවගේ)
දේශීය අරමුදල්වලින් ක්‍රියාත්මක කරන ලද වරාය ව්‍යාපෘති හතරක ඉදිකිරීම් සිදුකළ කොන්ත්‍රාත්කරුවන් දෙදෙනෙකුට අදාල මුදල් ගෙවීම ප්‍රමාද කිරීම නිසා ඔවුනට ප්‍රමාද පොලී ගෙවීම හේතුවෙන් ධීවර අමාත්‍යාංශය විසින් රජයට රුපියල් 226 ,324 ,249 ක මූල්‍ය අලාභයක් සිදුකර ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
ඉකුත් වසරේ දෙසැම්බර් 31 දින වන විට එලෙස මෙම මුදල් ගෙවීමට සිදුවී ඇති බව විගණන කාර්යාලය මගින් ධීවර අමාත්‍යාංශයට අදාලව නිකුත් කළ විගණන වාර්තාවක සඳහන්වේ.
භාණ්ඩාගාරය විසින් නියමිත පරිදි අක් මුදල් ලබා නොදීම නිසා කොන්ත්‍රාත්කරුවන්ට අදාල මුදල් ගෙවීම ප්‍රමාදවූ බව ධීවර අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා මේ සම්බන්ධයෙන් විගණනයට පිළිතුරු ලබාදී තිබේ.
ප්‍රමාද පොලී ගෙවීමක් නොවන පරිදි ව්‍යාපෘති ආරම්භ කිරීම සහ ගෙවීම් සැලසුම් කළ යුතු බව විගණනයෙන් ධීවර අමාත්‍යාංශය වෙත නිර්දේශ ලබාදී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නන් සල්ලි නොදී මාළු කෑවේ නෑ.