
(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර මූල්‍යය අරමුදල සමග නිව්යෝක් නුවරදී ආණ්ඩුව සිදුකළ සාකච්ඡා වල ඇත්ත තත්ත්වය ජනාධිපතිවරයා වහා රටට හෙළි කළ යුතු බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතුරුගිරියේදී පැවසීය.
ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන යෝජනා සියල්ල ක්‍රියාත්මක කළහොත් අයවැය පරතරය රුපියල් බිලියන 2500 දක්වා වැඩි විය හැකි බව කී හිටපු ජනාධිපතිවරයා නැවත පෝලිම් ඇති වෙනවාද? උද්ධමනය වැඩි වෙනවද? රුපියල බාල්දු වෙනවද? පොලිය වැඩි වෙනවද යන කාරණය ජනතාව දැනගත යුතු යැයි කීය.
ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ඉදිරිපත්ව සිටින කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා අතුරුගිරියේදී මෙම ජනරැළිය පැවැත්විණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීයේ පැත්තකට වෙලා ඉන්නකෝ..!
අනේ, මේ සීයේ කුජීත වෙන්න පැරැදිලා ඊට පස්සේ අපේ සල්ලි වලින් කෝකියෝ 15 ආරක්ෂක 160 වාහන 16 ඉල්ලලා දැං එනවා කරපු ගොං කම් කියවන්න. ඔබලා ඔක්කෝම අවුරුදු 70 ගාණක් කෙලවලා අපිව නැතිම කරලා දැන් කියවන්නේ හරියට දියුණු රටක් බාරදුන්නා කියලා. එක ණය වාරිකයක් ගෙව්වේ නෑ. ජෝගි නැටුවේ රට වටේ හෙලිකොප්ටර් සවාරි ගිහිං... හෙන ගහනවා... අහිංසක මහජනයාගේ ධනය නාස්ති කළාට...!
පස්ස දොරෙන් ඇවිත් පිනට කකා හිටපු කාලේ ඕක කියන්න අමතක වුනෙයි, ඔහේට...?
ශ්‍රී ලංකිකයින් පුදුම පවක් කරලා තියෙන්නේ.. මැතිවරණ දෙකකින් ගෙදර ඇරලත්, රට බංකලොත් කරපු හොරුන්, තක්කඩින්ගෙන්, බණ අහන්නත් වෙලා...!!!
සීයා දැන්නේ පොර වෙන්න යන්නේ... මෙයාව පිස්සන් කොටු ගෙනියන්න කවුරුවත් නැහැනේ මේ රටේ...
අනුරගේ නඩය IMF පළමු සාකච්ඡාවම අනාගෙන. ප්‍රතිපත්ති මාලාව දැක්කාම IMF කණ්ඩායමට අනේ කියලා හිතෙන්න ඇති..!
තමුන්නැහැලා ඒ කාලේ කරපු හොර සාකච්ඡා එළි කළාද..? දැන් ද ඕනේ..!. මේ වගේ කුහක දේශපාලකයින් අතුගාලා දාන්න ඕනෑ. තමුන්නැහැලා ඒ කාලේ කරපු ඔය වගේ ගොන් කතා නිසා තමයි ඡන්ද නැති වුනේ... ඒක තේරුම් ගන්න වයසට ගියත් බැහැ නේද?
කරුණාකරලා බටලන්දේ වුණු වදහිංසා, ජීවිත අහිමි කිරීම් පිළිබඳ රටට හෙළි කරන්න. යාපනයේ පුස්තකාලය ගිනිතියන කොට හැංගිලා බලන් හිටියේ නැහැ කියලා රටේ ජනතාව කියන්න. මහබැංකු හොරා අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට එක්කන් එන්නේ කවද්ද කියන්න.. ඒකට සම්බන්ධ නැති බවත් ප්‍රසිද්ධියේ කියන්න. සීයෙ අනේ ඉක්මණට මේවා රටට කියන්නකෝ. ඔයා හරිනම් අපි ඔයා එක්කයි.
රටේ මිනිස්සු කී පාරක් මෙයාව එළවලා දැම්මද? ඉන්නකෝ පැත්තකට වෙලා කියවන්නේ නැතිව...
මට මතක් වෙන්නෙම පාලනය කාලේදී මොහුගේ උද්දච්ච කම. හොර පාරෙන් ඇවිත් මිනිස්සුන්ට චන්ඩිකම් දදා, උසාවි තීන්දුවකට ගරු නොකර, තමන්ගේ ගැටළුවක් ඉදිරියට ගෙනාපු ජනතාවගේ ඇස් ගලෝලා, ඡන්ද තියන්න ඡන්ද කෝ අහපු සැට්ටැඹියා, අද උණ්ඩුක පුච්චය රත්වෙලා. ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ නොසිටිය යුතුව තිබූ හා අනාගතයේදී අවස්ථාවක් නොදිය යුතු අවස්ථා වාදියෙක්. මොහු බලා ඉන්නේ ආණ්ඩුවක් පෙරලෙන කම් පින් ජනපතිකම් කරන්න...
ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.