‘කොළ කෑල්ලකට අත්සන් කරන්න පුත්තලමේ ඉදන් මං එන්නේ නැහැ‘
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ මන්ත්‍රී කණ්ඩායම එකට රැස්කරන්නැයි ඉල්ලන ලිපියකට අත්සන් ගැනීම සඳහා තමාටත් ආරාධනා ලැබුණු බවත්, කොළ කෑල්ලකට අත්සන් කිරීමට පුත්තලමේ සිට එන්නේ කුමටදැයි තමා විමසූ බවත් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී අද(21) පැවැසීය.