ඇවන්ගාඩ් සැකකරුවන් 4ක් තවදුරටත් රිමාන්ඩ්
ගාල්ල වරාය ආසන්න මුහුදේ ඇවන්ගාඩ් නෞකාවේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධ නඩුවේ 4, 5, 6 සහ 7 වන සැකකරුවන් තවදුරටත් ලබන මස 6 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට ගාල්ල අතිරේක මහේස්ත්රාත් පවිත්රා සංජීවනි පතිරණ මහත්මිය අද(23) නියෝග කළාය.