(චාපා මධුභාෂිණී)
මින්නේරිය සී.පී පුර ග්‍රාමසේවා වසමේ කටුකැලියාව ප්‍රදේශයේ ඉඩමක් බලහත්කාරයෙන් අත්පත්කර ගැනීමට ගිය පුද්ගලයින් 39 මින්නේරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් සැකකරුවන් මින්නේරිය, සී.පී පුර, ගිරිතලේ සහ කටුකැලියාව යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව පොලිසිය කියයි.
රජය විසින් සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා වෙන්කොට තිබූ මෙම ඉඩම ප්‍රදේශ ගණනාවක පිරිසක් එක්ව අත්පත්කර ගැනීමට ගිය අවස්ථාවේ මින්නේරිය පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (23) දින හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විල්පත්තු වන විනාශයට කෝ නීති...?
විල්පත්තුවට, ඒවගේම විහාරස්ථානවල ඉඩම් බලෙන් අල්ලන් පදිංචිවෙන මරක්කලුන්ට කෝ ඔය නීතිය? ඒවාට නම් පොලිසියත් වලිගේ පිටිපස්සේ ගහගෙන...