ලාංකිකයන් 5 දෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ බාරයට
ත්රස්ත සංවිධානයක සාමාජිකයින් පිරිසක් ශ්රී ලංකාවේ සිට මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පැමිණ ඇති බවට ලද තොරතුරු මත සිදුකළ සෝදිසි මෙහෙයුම් වලදී ශ්රී ලාංකිකයින් පස් දෙනෙකු ඇතුළු සැක කටයුතු පුද්ගලයින් 6 දෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ බාරයට ගෙන ඇතැයි එරට පළවන ‘‘ඉන්දියා ටුඩේ ’’ පුවත්පත අද ( 25) වාර්තා කර තිබිණි.