(ටී.කේ.ජී.කපිල )
අප්‍රිකානු මහාද්වීපයේ ,ටැන්සානියාවේ පිහිටි කිලිමන්ජාරෝ කදුවැටිය තරණය කළ ශ්‍රී ලාංකික තරුණයෙකු කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේය.
මෙම කදුවැටිය ලෝකයේ හුදෙකලාව පිහිටි උසම ශේෂ කන්ද වන අතර , අප්‍රිකානු මහාද්වීපයේ ඇති උසම කන්ද ද වේ.
මෙම කදුවැටිය තරණය කළ ශ්‍රී ලාංකික තරුණයන් වන 33 හැවිරිදි රංග මධුපත්ම ගගබඩ ආරච්චි සහ 36 හැවිරිදි සුදම් ගමගේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී සිසුන් දෙදෙනෙකි .
රංග පද්ම මහතා දැනට ඕස්ට්‍රේලියාවේ , මෙල්බර්න් නුවරත් , සුදම් ගමගේ මහතා එංගලන්තයේ මැන්චෙස්ටර් නුවරත් වෘත්තීය ගණකාධිකාරිවරුන් ලෙස සේවය කරමින් සිටිති .
මෙම කදු තරණයෙන් පසු යළි සියරට පැමිණි රංග මධුපත්ම මහතා 23 දින අලුයම 1.10 ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 557 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය . ඔහු පිළිගැනීම සදහා සිය දෙමාපියන් ඇතුළු ඥාතී - හිතවතුන් පිරිසක් ද ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .
මෙහිදී සිය අත්දැකීම් විස්තර කළ රංග මහතා
අපි මේ කන්ද නගින්න පහුගිය 16 වැනිදා . මේ කන්ද අඩි 19,341 ක් හෙවත් මීටර් 5,895 ක් උසයි . මේ කන්ද දැනට අක්‍රිය ගිනි කන්දක් . ඒත් මීට වසර 200 කට විතර පෙර යම් විදාරණය වීමක ලක්ෂණ පෙන්නුම් කරල තියෙනවා.මෙම කිලිමන්ජාරෝ කදු වැටිය වර්ග කිලෝ මීටර් 756 පුරා පැතිරුණ , යුනෙස්කෝ සංවිධානය විසින් ද ආරක්ෂිත ස්ථානයක් ලෙස නම් කරල තියෙන තැනක් .
මේ කන්දෙ කිබෝ , මාවෙන්සි සහ ෂිරා කියල ප්‍රධාන කදු මුදුන් තුනක් තියෙනවා . එයින් උසම තැන කිබෝ කදු මුදුනේ තියෙන උහුරු නැමැති ස්ථානයයි.විශාල ජෛව විවිධත්වයකින් යුතු , ප්‍රධාන දේශගුණික කළාප පහකින් සමන්විත මේ කදු වැටියේ උසම තැනට දින පහක් තිස්සේ නැගලා 20 වැනි දා අපි උහුරු වෙත ළගා වුණා. එතැන විනාඩි 10 කට වඩා ඉන්න අමාරුයි . හුස්ම ගන්න අවශ්‍ය ඔක්සිජන් අපිට ඇති තරම් එතැන නැහැ .ජර්මානු සහ ඇමෙරිකානු තරුණයන් කීප දෙනෙක් ද මේ කන්ද නගින්න ඇවිත් හිටියා . පසුගිය මාසෙ මේ කන්ද නගින්න ආව තරුණයෝ හතර දෙනෙක් , කන්ද නගින අතරතුර දී මිය ගිහින් තිබුණා . අපිට හුගාක් ලොකු සහයක් එරට මග පෙන්වන්නන් ලබා දුන්නා යැයිද , පැවසීය







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උණුසුම් සුභ පැතුම සොහොයුරනි ... දවසක ඔබලා එවරස්ට් මුදුනත තරණය කල බවක් අසන්නට පුලපුලා බලා සිටිමි ...
මහරජෙක් ගේ පුතෙකුත් නැගලා මුදු මාරු කලා නේද?
සමාවන්න. එත් මගේ යාළුවො වගේකුත් නැග්ග ලදී. මෙච්චර ප්‍රසිද්ධ නොවුනට.
ඔබලාට උණුසුම් සුභ පැතුම්! අපිත් 2019 ජුනි මාසයේ 30, මෙම කන්ද තරණය කර ආවෙමු. අපිත් සමග දිනකට 50කට අදික පිරිසක් මෙය තරණය කරා, ඒ අතර කාන්තවන්, teenagers සහ pensioners ලාද විය.
ඔය කන්ද උඩ විවාහ ගිවිසගත් ජෝඩුවක් ලංකාවේ ඉන්නවා නේද?
මගේ පුත්‍රයා වසර දෙකකට කලින් මෙය තරණය කළා. ඉන්පසු ගිය වසරේ හිමාලය තරණය කරා.. බේස් කෑම්ප් එකට පමණයි.. සුබ පැතුම් !!! ඔබ දෙපළට...
මම අවුරුදු 08ක් ටැන්සානියාවේ සේවය කළා.. කන්ද සියැසින් දැක්කා...
ඔයාලා දන්නවා නම් මම මේ කන්ද නගින්න පැට්රිස් කරපු තරම... මම මේක නගින්න අවුරුද්දකට විතර කලින් සිටම ඕස්ට්‍රේලියාවේ තියෙන කඳු හොයහොයා නැග්ගේ... එක කන්දක්වත් අතඇරියේ නෑ. ඕස්ට්‍රේලියාවේ කදු ඉවරවුණු නිසා ඊළඟට නවසීලන්තයේ පැට්රිස් කළා. කිලිමන්ජාරෝ කන්දේ නම අප්සට් නිසා නගින්න කලින් ලංකාවට ඇවිත් කිලි ඇරලා සුරයක් එහෙම බැඳලා කිලිඇරපු- මන්ජාරෝ තමයි මම නම් නැග්ගේ. අන්තිම සතියේ වෝම් අප් වෙන්න කියලා සීගිරියේත් නැග්ගා ෆුල් කිට් එකම ගහගෙන...