(අනීෂා මානගේ සහ අශෝක තිලකරත්න)
මිද්දෙණිය තෝරකොළයාය ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු බරපතළ තුවාල ලබා ඇඹිලිපිටිය මහ රෝහලට ඇතුළත් කළ බව මිද්දෙණිය පොලිසිය කියයි.
මෙලෙස තුවාල ලබා ඇත්තේ මිද්දෙණිය තෝරකොළයාය සමූහ ගොවිපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි අයෙකු බව පොලිසිය කියයි.
තුවාලකරුගේ නිවෙස පිටුපස සැඟව සිටි අයකු මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයිද එම පුද්ගලයා මේ වන විට හඳුනාගෙන ඇතැයිද පොලිසිය කියයි.
වෙඩිතැබීමෙන් තුවාලකරුගේ උදරය ප්‍රදේශයට තුවාල සිදුව ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd