නීතිපතිගෙන් විශේෂ ඉල්ලීමක්
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට අදාළව තමා සම්බන්ධයෙන් අසත්‍ය, පදනම් විරහිත සහ අපරාධ චෝදනා එල්ල කරමින් ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශ වහා ඉවත් කිරීමට නියෝග කරන්නැයි නීතිපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අද (4) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශේෂ ඉල්ලීමක් කළේය.