(බිඟුන් මේනක ගමගේ)
අගුණකොළපැළැස්ස බන්ධනාගාරයේ සිරදඬුවම් විදින හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු නමැත්තාට බන්ධනාගාර පරිපාලනයෙන් විශේෂ සැළකිලි ලැබෙමින් පවතින්නේ යැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
සිරදඬුවම් නියම වූවකු මුණගැසීමට බාහිර පුද්ගලයන්ට අවස්ථාව ලැබෙන්නේ මසකට එක් වතාවක් වුවද හිටපු නගරාධිපතිවරයා මුණගැසීමේ අවස්ථා ගණනාවක් පසුගිය කාලයේ දී ඔහුගේ නෑසිය මිතුරන්ට බන්ධනාගාර පරිපාලනයෙන් ලැබී ඇතැයි පැවසීය.
වසර පහක සිරදඬුවම් නියම වූවකු සාමාන්‍ය ගණයේ අපරාධකරුවකු හැටියට සැළකුව ද ඔහුට හිමිව ඇත්තේ විශේෂ ගණයේ අපරාධකරුවකුට හිමි වන අවස්ථා යැයි ද එම ප්‍රකාශකයා කීය.
ඒ අනුව ඔහුට බන්ධනාගාරයට පිටතින් ගෙනෙන කෑම දිය නොහැකි නමුත් මෙම විශේෂ වරප්රසාදිත තත්ත්වය යටතේ ඔහුට බාහිරින් කෑම සැපයීම සිදුවන්නේ යැයි ද කියති.
හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු නමැත්තාට වසර පහක සිරදඬුවම් නියම කෙරුණේ 2014.04 017 වැනි දා හම්බන්තොට වරාය නිරීක්ෂණ චාරිකාවකට එක්ව සිටි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකට පිස්තෝලයක් පෙන්වා තර්ජනය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේය.
අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ එච් වාට්ටුවේ ආරක්ෂක රැකවල් මැද සිටි හිටපු නගරාධිපතිවරයා පසුගියදා හදසියේ අසනීප වී තංගල්ල රෝහලට ද ඇතුළත් කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් හිරගෙවල්වල ඉන්න දේශපාලන සබඳතා තියෙන අයටත් එහෙමම තමා ඉතින්. නරකාදියට ගිහිල්ල හරි හොරු අල්ලනවා, කුඩු කාරයෝ එල්ලනවා, මාත් එක්ක ඒ සෙල්ලන් බැහැ කියලයි බෙරිහන් දුන්නේ. දැන් ඒවා අමතකයි. කාටද කියන්නේ?
දැන් දුප්පතාට විතරයි, හිරගෙවල් අනිත් අයට හෝටල්...
ලොක්කන්ට තියන ලෙඩ ගෝලයින්ට බෝවන්නේ නැත්නං...
බන්ධනාගාර පරිපාලනයේ මේවට උදවු දෙන උන්ට කවුද දඬුවම් දෙන්නේ?
ඇත්තෝ කති බොති. නැත්තෝ ලේවකති.
මොහු සිටින්නේ අඟුණකොල පැලැස්සේ නේද? එහි පාලකයින් වැඩිදෙනෙක් එම පැත්තේ අය වෙන්න ඇති... ඔවුන් හිතනවාද දන්නේ නැහැ එම හිරකරුවාගේ නායකයා ජනපති වෙනවා කියලා. මේ හිරකරුට සලකා තිබුනොත් උසස්වීම් ගැනීමට හෝ වෙනත් වරප්‍රසාද ගැනීමට මෙහි නිලධාරීන් එහෙම කරනවා ඇති. ඔවුනුත් මනුෂ්‍යයෝය. අශාවන් ඇත්තෝය.
දැන් ඔහොම නම් සාටකයන් බලයට ආවොත් මොහු සමග සියලු අපතයන් රොත්තම එළියට ගන්නවා සිකුරුයි.