(අජන්ත කුමාර අගලකඩ)
විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ කතෝලික දේවස්ථානය පිහිටි භූමිය ජාතික වනෝද්‍යානයෙන් ඉවත් කර වෙනම ගැසට් කිරීම සඳහා වනජීවී හා සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අද (03) පැවැති කැබිනට් රැස්වීමේදී ඇමැතිවරුන් පිරිසක් දැඩි විරෝධය පළකර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇමැතිවරුන් වන ගාමිණි ජයවික්‍රම පෙරේරා,පාඨලී චම්පික රණවක,සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු ඇමැතිවරුන් පිරිසක් මෙසේ විරෝධය පළකර ඇති බවද එම ආරංචි මාර්ග වලින් පැවැසේ.
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අක්කර අටක පමණ භූමි ප්‍රදේශයක් මෙසේ ජාතික වනෝද්‍යානයෙන් ඉවත් කර වෙනම ගැසට් කිරීම සඳහා අනුමැතිය ඉල්ලා මෙම කැබිනට් සංදේශය ඉදිරිපත් කර ඇති බවද වාර්තාවේ.
එහිදී අදහස් දක්වා ඇති ඇමැතිවරුන් කිහිපදෙනෙකු සඳහන් කර ඇත්තේ පල්ලියේ උත්සව කටයුතු සඳහා භූමිය භාවිතා කිරීමට ඉඩදිය හැකි නමුත් භූමිය වෙනම ගැසට් කිරීමට ඉඩදිය නොහැකි බවය.
ඒ අනුව කැබිනට් සංදේශය ඉවත් කරගෙන ඇති බවද වාර්තා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නරකම නෑ වැඩේ ...ඒත් බදියුදීන් විල්පත්තුව විනාස කරල අවුරුදු ගානක් ගිහිනුත් මුඛය සහ අදෝමුඛය දෙකම වහගෙන හිටපු අය නේද ඔය.....
බදුර්දීන් හා සමාන වැඩ කරන්න වෙන්න ඇති. ලංකාව පිටරටින් සල්ලි ගෙන්න ගන්න කරන මෝඩ වැඩ නතර කරොත් හොඳයි.
ඕවට අත උස්සලා බෞද්ධ ඡන්ද ටිකට කෙලව ගන්න පුළුවන්ද අප්පා ...?
යන්තම් ඇස් ඇරිලා කට්ටියගේ
හිස්බුල්ලට පුළුවන් නම් මට බැරිද, නැද්ද ජෝන් අයියෙ?
අනිත් අය විරුද්ධ නොවුනේ ඇයි? ඒ කට්ටිය කලවම්ද?
ජෝන් ආතාගේ වයසට යනකොට මොලේ කොලොප්පන් වෙලා වගෙයි. හැබැයි මොලේ එහෙම වුණාට සමහර අවයව නම් හොඳට වැඩ කරනවා කියලා තමයි ආරංචි..!
මේ අර හිටපු පළාත් ඇමතිලාට වාහන දෙන්න ගිය ජොකියා වගේ තව එක්කෙනෙක්... මේ මනුස්සයා වගේ වලපයයි, ගොඩපයයි අය පාර්ලිමේන්තු එවන අයට තමයි ගහන්න ඕනෑ. 55 පැනපු කිසිකෙනෙක් ජනාධිපතිලා කරන්නත් එපා පාර්ලිමේන්තු යවන්නත් එපා.
සෑම භාණ්ඩයකම කල් ඉකුත්වන දිනයක් තියෙනවාවගේ දේශපාලකයින්ගේත් කල් නිකුත්වන දිනයක් අත්‍යවශ්‍යයි. පැරණි සිතුවිලි හා අදහස් එක්ක මෙරට කවරදාවත් ඉදිරියට නම් නොයයි. පැරණි අයවලුන් ගැලරියේ විසිල් එකට වැඩ කරන්නේ. තාමත් ඒගොල්ලෝ දන්නේ නැහැ නවීන සිනමා ශාලාවල ගැලරිය නැහැ කියලා. අලුත් ලොවක් කරා අපි යමුද?
දැන් ඔය පල්ලිය නිසා පරිසරයට හානියක් නැද්ද? ඔක්කොම බදියුදීන්ට විතරද?