(ඩයනා උදයංගනී)
ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින බංගලාදේශයට ඇමරිකානු ඩොලර් 50,000ක ආධාර මුදලක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා විසින් මේ සඳහා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
ඉකුත් ජූලි මාසයේ සිට පවතින ධාරාණිපාත වැසි හේතුවෙන් බංගලාදේශයට බලපා ඇති ගං වතුර තත්වය සැලකිල්ලට ගෙන එම රජය වෙත මෙම ආධාර මුදල ලබා දීමට රජය තීරණය කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ජනතාවට එදා වේල කන්න නැහැ. අපේ අය යනවා පිටරටවල් වලට සහනාධාර දෙන්න. තිලක් මාරපන මහත්තයෝ... රටටයි, රටේ ජනතාවටයි සෙතක් වෙන දෙයක් සම්මත කරගත්තා නම් මොකද වෙන්නේ?
කමක් නැහැ. රටක් විදියට එහෙමත් කරන්න ඕනෑ. කෝටි 5ක් වත් දුන්නා නම් තමයි වටින්නේ...
මිත්‍රත්වය පෙන්වීම උදව් කිරීම ඉතා වැදගත්... හැබැයි මේ යෝජනාව ගෙනාපු ඇමතිතුමා දන්නේ නැද්ද? දන්නේ නැහැ. අපේ රටේ කී දෙනෙක් වෙල් තුනෙන් එකක් කාලා ඉන්න අය ගැන... අනුන්ට කරන්න කලින් රටේ ජනතාව ගැන සිතුවා නම් යහපත්... මේ වගේ ඇමතිවරු ඉන්න රටක් වීමත් ලැජ්ජයි.
අනුන්ට කරන්න කලින් අපේ අයට කරන්න කියලා සමහරු ලියලා තියෙනවා. එහෙම කළානං ඇමෙරිකාවටවත්, කාටවත් ආධාර දෙන්න බැරිවෙනවා. එහෙ කීදෙනෙක්ට කන්න නැද්ද ගෙවල් නැද්ද...? සාපේක්ෂ දුප්පත්කම ලෝකේ හැම රටකම තියෙනවා. පුළුවන් විදියට උදව් කරන එක තමයි වටින්නේ...
ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ කිව්වලු...
කෙනෙකුට අමාරුකමකදී උදව් කිරීම බොහොම හොඳ දෙයක්.. නමුත් ප්‍රතිඋපකාර නම් බලාපොරොත්තු නොවී. දකුණතින් දුන් දේ වමතට දැනෙන්න දෙන්න එපා කියලත් කියමනක් තියෙනවා. එමෙන්ම දුන් දෙය සුවදයි!! කෑ දෙය ගඳයි යන්න වඩාත් සුදුසුයි අප හැමට...
තම රටේම කට්ටියක් නියඟයෙන් පීඩා විඳින කොට, මේ අය බංගලියන්ට අාධාර දෙනවා. අනේ මන්දා...
ලංකාව ලෝකයාට ණයයිලු. ණය වලින්ද ආධාර දෙන්නේ? ලෝකයේ ක්‍රමය නොතේරේ...
ලංකාවේ තමන්ට කියල ගෙයක් නැති ....කුලියට ඉන්න ...කොතරම් පිරිසක් ඉන්නවද කියලා මේ කාලකන්නි දේශපාලකයෝ දන්නේ නෑ ලංකාවේ ජනතාව බොහොමයක් හිඟානොකා හිඟාකනවා. ඒවා පෙන්නේ නෑ ..
කොරේ පිටට මරේ වගේ අපිටත් සතේ නැතිව ඉන්න වෙලාවේ...