(අංජුල මහික වීරරත්න මාලදිවයිනේ සිට)
ගෝලීය ත්‍රස්තවාදය , මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ මාලදිවයින එක්ව විසඳුම් සෙවිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයිනේ දී පැවසීය.
දෙදින නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (02) දින මාලදිවයින් ජනාධිපති මන්දිරයේ දී එරට ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව දෙරට නායකයන් දෙපළ ඒකාබද්ධ ප්‍රකාශයක් සිදු කරනු ලැබීය.
නාවික ගමනා ගමන කේන්ද්‍රස්ථානයක පිහිටීම ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ආර්ථිකය ශක්තිමත් කර ගන්නේ කෙසේදැයි සැලසුම් කළ යුතු බවද එහිදී අග්‍රාමාත්‍යවරයා පැවසීය.
එම ඒකාබද්ධ ප්‍රකාශයේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
මෙම සංචාරයේ දී ශ්‍රී ලංකා සහ මාලදිවයින් සහයෝගීතාව වර්ධනය කර ගැනීම සඳහා පැවැති රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ඉතා ඵලදායී වූ බව සඳහන් කළ යුතුයි. අපගේ මූලික අරමුණ වන්නේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර දැනට පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමයි. දෙරට අතර මෙතෙක් පැවැති සබඳතා තවදුරටත් සමාලෝචනය කරමින් ඉදිරියට යාමට අප අදහස් කරනවා.
දෙරට අතර විධිමත් සබඳතා වර්ධනය කර ගත හැකි නව ක්ෂේත්‍ර පිළිබඳව ද අප මෙහිදී අවධානය යොමු කළා. ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන රටවල් දෙකම පිහිටා තිබෙන්නේ ඉන්දියන් සාගරයේ නාවික ගමනා ගමන කේන්ද්‍රස්ථානයකයි. එම පිහිටීම ප්‍රයෝජනයට ගනිමින් එයින් දෙරටේම ආර්ථිකය ශක්තිමත් කර ගන්නේ කෙසේදැයි අප කල්පනා කළ යුතුයි. ඒ තුළින් දෙරටේම ආර්ථිය තව තවත් ශක්තිමත් කර ගැනීමට අවස්ථාව උදා මාලදිවයින් ජනතාවට අවයව බද්ධ කිරීම් වැනි පහසුකම් සඳහා ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහල්වල සේවය ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කරනවා.
ශ්‍රී ලංකාව යනු මාලදිවයින් ජනතාවගේ "දෙවැනි ගෙදරයි". අතීතයේ සිටම එම සබඳතා නොනැසී පවත්වා ගන්නට අපට හැකියාව ලැබුණා. දෙරට අතර අනවශ්‍ය පරිදි වීසා කොන්දේසි පැනවීමට අප කිසිසේත් බලාපොරොත්තු වන්නේ නැහැ.
දෙරට අතර වෙළෙඳ කටයුතු, ආර්ථික සහයෝගීතාව, සමාජීය සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා ද මමත්, මාලදිවයින් ජනාධිපතිතුමාත් අතර පැවැති සාකච්ඡාවේ දී අවධානය යොමු කළා. ඉතා ඉක්මනින් එම සාකච්ඡාවල ප්‍රගතිය දැක ගැනීම අප දෙදෙනාගේම අරමුණයි.
මෙම ගෝලීය ත්‍රස්තවාදය අප සැමට පොදු වූ තර්ජනයක් බව සඳහන් කළ යුතුයි. අප එක්ව එම තර්ජනයට මුහුණදිය යුතුව තිබෙනවා. ත්‍රස්තවාදය මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම ද දෙරටටම පොදු වූ තර්ජනයක් වී තිබෙනවා. ඒ සඳහා ද අප එකට එක්ව විසඳුම් සෙවිය යුතු බව මගේ හැඟීමයි.
මෙහිදී අදහස් දැක්වූ මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා:-
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සංස්කෘතික මෙන්ම සමාජ සබඳතා ලිඛිත ඉතිහාසයටත් වඩා ඈතට දිව යනවා. මාලදිවයිනේ සෞඛ්‍ය, අධ්‍යාපන, තරුණ කටයුතු, ක්‍රීඩා ආදී විවිධ ක්ෂේත්‍ර සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ලබාදෙන නොමද සහයෝගය වෙනුවෙන් ස්තුතිය පළ කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින මේ යුගයේ දී ලබා ඇති සංවර්ධන ප්‍රගතිය පිළිබඳව අප මෙහිදී සමාලෝචනයට ලක් කළා. ඒ අනුව ඉදිරි කටයුතු වඩාත් ශක්තිමත් සහයෝගීතාවකින් සිදු කිරීමට හැකි වනු ඇති බව මගේ හැඟීමයි.
ශ්‍රී ලංකාවේ ජනතාව මාලදිවයිනේත් මාලදිවයිනේ ජනතාව ශ්‍රී ලංකාවේත් ආර්ථිකය ශක්තිමත් කිරීමේ කටයුතු සඳහා විශාල දායකත්වයක් සපයමින් සිටින බව කිව යුතුයි. එම දායකත්වය ඉදිරියටත් තව තවත් වර්ධනය කර ගනිමින් දියුණුව කරා යාම අපගේ අරමුණයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා...හා.. හොඳා.. හොඳා.. ගෙදර තියෙන ප්‍රශ්නෙට ඉක්මන් විසඳුම් හොයන්නේ නැතිව ගමේ තියන ප්‍රශ්න විසඳන්න යන්නේ අල්ලපු ගෙදර "උන්දෑ" එක්ක.. අනේද කියන්නේ සූත්තර පුංචෝ තුන්ලෝකෙට ඉන්න එකක උගතාගේ නූගත් හිස් බස්...
මරු රටවල්... තම උදව්වට අරන් තියෙන්නේ. අනික ගෝලීය ත්‍රස්තවාදී කතාවලට කලින් තම රට තුළ ඉන්න ආගමික අන්තවාදීන් ඇල්ලුවා නම් හරිනේ...
හරියට ඇමෙරිකන් කාරයා වගේමයි. ඇතිකරලා නැතිකරන්න හදනවා..
මාලදිවයිනට ත්‍රස්තවාදී තර්ජන තිබෙනවා කියලා... ඇහුවේ අදමයි.
මාලදිවයින කියන්නේ හමුදාවක්, පොලිසියක්වත් නැති පුංචි දූපත් ටිකක්.. ඕක රකින්නෙත් ඉන්දියාව. හිටපු ජනපතිව රැකගත්තෙත් වෙන රටකින් ඇවිත්. ඕවා අහන් ඉන්න අපි පොල් බුරුවන් කියලා හිතනවා ඇති...
අම්මට සිරි ගෝලීය ත්‍රස්තවාදය මර්දනයට මාලදිවයින හා එක්ව විසඳුම් සොයනවාලු. කව්ද මිස්ටර් බීන්. රටේ ත්‍රස්තවාදය ගැන දැනගන්නවත් බැරුව හිටිය ගොයියා ගෝලීය ත්‍රස්තවාදය මර්දනයට ලැහැස්තිවෙනවා. ලෝකේ හිනස්සන විහිළු. මිස්ටර් ට්‍රම්ප්ට සිංහල බැරි නිසා හොඳයි.. නැතිනම් ටොයිලට් පේපර් එකෙන් පිහිදාගන්න බැරි විදිහට හිනා වේවි...!!!
කෙබර කෙලින්න පටන් අරන් දැන් මරු විකල්ලෙන්.. මේ පාරනම් ඉවරයි කරුමේ...