(මුදිතා දයානන්ද සහ විනීතා එම්.ගමගේ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අපි කල්පනා කළ යුත්තේ විස්සයි විස්සේදී ජනාධිපති කවුද කියන එක ගැන නෙවෙයි අගමැති කවුද කියන එක ගැනයි. දහනව වන ව්‍යවස්ථා සංශෝධනය අනුව මීළගට පත්වෙන ජනාධිපතිට නොව බලය තිබෙන්නේ අගමැතිට යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (03) පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 68වන සංවත්සර සමුලූව අමතමිනි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ 68වන උපන්දිනයද අදය.
තවදුරටත් අදහස් දැක්වූ මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද පැවසීය.
‘‘මේ දවස්වල ගොඩක් දෙනා ජනාධිපතිවරණය ගැන කතා කරනවා. විස්සයි විස්සේදී පත්කළ යුතු ජනාධිති කවුද? එක එක පක්ෂවල අපේක්ෂකයෝ කවුද කියලා කතා කරනවා. එහෙත් දහනව වන ව්‍යවස්ථා සංශෝධනය අනුව විස්සයි විස්සේදී පත්වන ජනාධිපතිට කරන්න පුලූවන් දෙයක් නැහැ. බලය තියෙන්නේ අගමැතිට.
පෑගුණු, දුක්විඳින, වැඩකරන නිර්ප්‍රභු පංතියේ නැත්නම් නිර්දන පංතියේ ජනතාවගේ බලාපොරොත්තු ඉටුකළ හැකි දේශීයත්වය අගයන, දේශීය සංස්කෘතිය අගයන, බෞද්ධාගම මත පදනම් වූ සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජන කොටස් වලට එකට ජිවත් විය හැකි ඔවුන්ට සාධාරණත්වය ඉටුකරන රටක් නිර්මාණය කළ හැකි නායක්තවයක් තමයි අපි පත්කර ගත යුත්තේ.
තමන් වෙනුවෙන් නොව රට ගැන හිතා දේශපාලනය කරන දූෂණයට වංචාවට එරෙහිව කටයුතු කරන්න සුදානම් දේශපාලනඥයන් කී දෙනාද අද අපේ රටේ ඉන්නේ? කියන්න කණගාටුයි අද අපේ රටේ දේශපාලනය අවුල්සහගතයි. අනුවේදනීයයි. ඒක හරියට ශෝකාලාපයක් වගේ.‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ්ක කරන්න තිබ්බේ 2020 නොවේ. 2015 ජනවාරි 8 වෙනිදායි.
ලොකු දෙයක්... 2020 හරි පිස්සන්ගෙන් රට බේරාගන්න පුළුවන්...
කමක් නෑ මහත්තයෝ... ඔයාලා ගෙදර ගිහින් රට කෙලින් හිටවන්න පුලුවන් කෙනෙකුට බාරදෙන්න. 2020 අපේ රටට පාන්ශුකූලේ දෙන්න ලෑස්ති වෙන්න එපා.. අර කොළපාට බෑනත් එක්ක..
එ්ක ගොඩක් හොඳයි.. විධායක ජනාධිපති කම සුදුසු ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා වැනි දේශපාලනයේ 1983 වෙනකොට වසර 55කට වැඩි පල පුරුද්ද ඇති මහ අධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස උගත්කමක් ඇති මහා උගතෙකුට බව 90ව දශකයේ සිට එම නිලය හොබවූ උදවියගේ ක්‍රියාවලිය සාක්ෂි දරයි 2020 එහෙම වෙන එකම තමයි හොඳ....
අගමැති තියා, ජනාධිපති වුණත් වැඩක් නැහැ. තියෙන බලය හරි පාවිච්චි කරනවා නම්.. නටන්න බැරි මිනිහාට පොළව ඇදයි වගේ මෙපමණ කාලයක් හිටියේ... 2020 අගමැතිකම ගන්නද? රනිල්ට කියලා පත්වීම් දෙක මාරුකර ගන්න තිබුණා. මහින්දව හොරෙන් ගේන්නේ නැතිව, රනිල් කවදාවත් බැහැයි කියන්නේ නැහැ.. ඔයාගේ වැඩ පරක්කුයි කියලා දැනගත්තාම ඔයාගේ බලයත් එයා අරගෙන. රටට ඕනෑදේ කරයි.
එ්කට මොකද? ඔබතුමා නෙවෙයිනේ 2020 ජනාධිපති..
ඔක්කොම විකාර කළාට පස්සේ මිනිහට තේරිලා තියෙන්නේ... නිකමට බලතල තිබුණා නම් ලේකම්වරු මාරු කරනවා වගේ තියේවි..
මේ පරිණතයි කියන අය 19 පස්සේ වුණු දේ විග්රහ කරන විදිය අතාර්කිකයි.19 පස්සේ ජනපතිට බලය අඩු වුනත් ඔහුට පාර්ලිමේන්තුවේ බහුතරය තිබේනම් සුපුරුදු බලය ක්‍රියාත්මක කිරිමට පුලුවනි. ජනතාව මතුවට ඡන්දය ජනාධිපතිවරණයකදී දිය යුත්තේ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ගනී යයි සිතන පුද්ගලයකුට හෝ පාර්ලිමේන්තුවට රට පාලනය කරන්න දී තමන්ගේ විෂයයන් පමණක් සිතන පුද්ගලයකුට...
19 වැනි සංශෝධනයෙන් අගමැතිට මොන බලතල ලැබුනත් ඵලක් නැහැ. තනි පක්ෂයක් විධියට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැත්නම්, විධායක ජනපති කෙනෙක් ඉන්නවා නම් ඔහුට යම් අවස්ථාවලදී විධායක බලය පාවිච්චි කරන්න පුළුවන්...
ජේ. ආර්. ගෙන් පස්සේ ආපු ඔක්කොම ඉතා හොඳ මුල්ලේරියාවට හරි අංගොඩට...හරි
19 වෙනි සංශෝදනය සම්මත කරන විට ඔය 225 ම අත ඉස්සුවනේද? ඕක අනුමත කලේ කියවල බලල නැතුව වෙන්න ඇති නේද?
විධායක ජනාධිපති ධුරය ලංකාවට අනිවාර්යයෙන්ම සුදුසු දෙයක්... මොකද දැන් පාර්ලිමේන්තුව කවලම් වෙලා තියෙන්නේ. කලවම් කැඳ හැලියෙන් රට, ජාතිය, ආගම බේරගන්න තියෙන එකම තුරුම්පුව විධායක ජනාධිපති ධුරය. මෙය නැතිකළොත් රටට ගොඩක් බලපානවා..
මට ඇහුණා කවුදෝ කියනවා "කන්න දුන්න අත හපා කෑවා වගේ වැඩක් මේ මහත්තයා කරන්නේ" කියලා. ඔබතුමා ජනාධිපති පුටුවට පත් කලේ මේ රටේ ලක්ෂ හැටදෙකක ජනතාවයි. ඒ අතරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසි කෙනෙක් හිටියා කියලා හිතන්න අමාරුයි. මැතිවරණය දිනන්න ඔබතුමා වේදිකාවක් වේදිකාවක් ගානේ කියමින් ගියේ එවකට රටට ශාපයක්ව පැවති දූෂණය නැති කරනවා කියලයි. මතක ඇතිනේ රාත්‍රී 12ට කටුනායක ගේට්ටුවලට ඉබ්බන් දානවා කියපු කතාව. නමුත් බලයට පත් වුණාට පස්සේ ඒ කිසිදෙයක් ක්‍රියාත්මක කරන්නට උනන්දුවක් ඇති බවක් පෙන්වූයේ නැහැ. ඒ වෙනුවට ඔබතුමා බලයට ගෙනා එජාපයේ නායක රනිල් වික්‍රමසිංහ සමඟ පෞද්ගලික කෝන්තරයක් ඇති කරගෙන ඔහුගේ දේශපාලන අනාගතය විනාශ කිරීම සඳහා දැඩි මහන්සියක් ගත් බවයි පෙනෙන්නට තිබුනේ. රටේ මුල් පුරවැසියාට තරම් වටින්නේ නැති "සමනල" කතා වැනි විවිධ ආක්‍රෝෂ පරිභව ප්‍රසිද්ධියේ කියමින් රනිල් විනාශකිරීමේ අරමුණෙන් ඔබ "ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරමින් තමන්, තම පවුලේ අය සහ ගජමිතුරන් කළ අපරාධ වලින් බේරීම ඒකායන අරමුණ කරගෙන වෙනත් පක්ෂයක් බිහිකරගත් පිරිසක්" තුරුළු කරගත් එක නේද ඔබේම විනාශයට පාර කැපුවේ? දැන් පරක්කු වැඩියි මහත්තයෝ...
මෙයා ඊළඟ අගමැති වෙන්න හිතන්නේ. වසලා හමාරයි.