(රංජන් කස්තුරි)
පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් සිසු දරුවන්ට රජයෙන් ලබාදෙන මාසික ශිෂ්‍යාධාර මුදල රුපියල් 750 දක්වා ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වල ශිෂ්‍යත්ව සමතුන්ට 6 වැනි ශ්‍රේණියේ සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දක්වා මාසිකව එම ශිෂ්‍යාධාරය හිමි වේ.
මෙතෙක් එම ශිෂ්‍යාධාරය රුපියල් 500ක් වූ අතර රුපියල් 750 දක්වා එය වැඩිකිරීමත් සමග රජයට වසරකට රුපියල් මිලියන 975ක් ඒ සඳහා වැයවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැබිනට් එකට හරි මහන්සි ඇති ඔය වැඩි වුණු 250ට අනුමැතිය දීලා.. කැබිනට් එකේ මිනිස්සු 750ක් දීලා මොන කරන්න හිතන් ඉන්නවද දන්නේ නැහැ නේද..?
ඉගෙනගන්න දරුවෙකුට රුපියල් 750 ක් දීල වැඩක් තියෙනවද? රුපියල් පන්දහසක් වත් දිය යුතුයි. රජයේ අනිත් වියදම් එක්ක බැලුවම මිලියන 975ක් කියන්නේ ලොකු මුදලක් නොවේ. මීට වඩා අනවශ්‍ය දේවල් වලට වියදම් කරනවා.
මසකට 750/= ගානේ වසරකට එක ළමයෙකුට රු.9000/=ක් වෙනවා. ඉදිරි වසර 7 (උ.පෙල දක්වා) සඳහා එක් ළමයකුට රු.63,000/= දළ වශයෙන් ශිෂ්‍යත්වලාභීන් 15,000ක් පමණි. රජයට මේ විස්තර අපිට දෙන්න පුළුවන්ද? ඒ තොරතුරු දැනගැනීම අපේ අයිතියක්... නැත්නම් ඔය සල්ලි කොහේ පිල්ලි යයිද දන්නෑ.
ගරු කන්නන්ගර මැතිතුමා ශිෂ්‍යත්ව ක්‍රමය ඇතිකලේ අන්ත අසරණ දක්ෂ දරුවන්ට උදව් කිරීමක් හැටියටයි. නමුත් දැනට වෙන්නේ කුමක්ද? ඇති හැකි අය වැඩි දෙනෙකුත් මෙම ආධාරය ලබාගන්නවා. මම දන්නා දෙයක් ලියනවා එය සත්‍යම දෙයක්... මම දන්නා දැරියක් අවිස්සාවේල්ලට ආසන්නව සිටියා ඇය ශිෂ්‍යත්වය සමත්ව රත්නපුර ජාතික පාසැලකට ඇතුල්වුනා ශිෂ්‍යාධාර හිමි මේ සිසුවියගේ ආධාර මුදල ලබාගැනීමට ඇගේ පියා පාසැලට ගියේ ඔහුටම අයිති ප්රාඩා් රථයකිනි. තනි ගමනක දුර කි.මී.35 ක් පමණවේ.
මෙවැනි දිරි ගැන්වීම්, ආධාර සෑම ළමයෙකුටම ලැබිය යුතුයි යන්න මගේ අදහසයි. මන්ද යත් ඔය ශිෂ්‍යත්ව විභාගයකින් සෑම ළමයෙකුගේම නොයෙක් නොයෙක් දක්ෂතා මැණිය නොහැකි නිසායි. කොහොමද ඔය එක විභාගයකින් චිත්‍ර ඇදීමට, නර්තණයට, රංගණනයට අති දක්ෂ ළමයෙක් ගැන දැන ගන්නෙ. කිසිසේත් නොහැකියී. එවැනි දක්ෂකම්ද ගණිත මිනිත, භාෂා, විද්‍යාව ආදී විෂයන් වලට ඇති දක්ෂ කම් මණින මිම්මෙන්ම මැනිය යුතුයි.
ශිෂ්‍යාධාර මුදල වැඩි කිරීම හොඳ දෙයක්. මෙතන කියන සල්ලි තියෙන කෙනා ශිෂ්‍යාධාර ගන්නවා නම් තමන් ඒක දන්නවා නම් ඇයි ඒක අධ්‍යාපන අමාත්‍යංශයට වාර්තා කරන්නෙ නැත්තේ? ප්‍රදේශයේ ග්‍රාම සේවක ආදායම තහවුරු කරද්දි අඩු ආදායම් කියලා ලියනවා නම් පාසැලට කරන්න දෙයක් නෑ. ඒ වගේම තොරතුරු දැන ගැනීමේ අයිතිය යටතේ මේ ඕනම තොරතුරක් ඕනම කෙනෙකුට ගන්නත් හැකියි. ඒක කරන්නෙ නැති එක අදාළ පුද්ගලයගේ වගකීමක්.
අද රටේ රුපියල් 750 කින් පිටු 200 CR පොත් 2ක් වත් ගන්න බෑ. අධ්‍යාපනික උපකරණ මේ තරම් මිල අධික අද රුපියල් 750 ක ශිෂ්‍යාධාරය විහිළුවක්... අඩු ආදායම් ලාභීන් රැවටීමක්...