ශ්‍රීලනිපයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව දයාසිරි මැතිවරණ කොමිසමට කියයි
ශ්ර්රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපතිවරණ අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවට පක්ෂ මහලේකම්, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මැතිවරණ කොමිසමට අද (05) සවස දැනුම්දුන් බව ශ්ර්රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පැවැසීය.