(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්‍ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පමණක් හමුවන විශේෂ හමුවක් ඉරිදා (8) පැවැත්වීමට නියමිතය.
එක්සත් ජාතික පක්‍ෂ නායකයා සහ නියෝජ්‍ය නායකයා මෙලෙස ඔවුන් දෙදෙනා පමණක් හමු වන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර අද (6) අරලියගහ මන්දිරයේ පැවති දීර්ඝ සාකච්ජාවේදී ගත් තීරණයක් අනුවයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ හමුව කොළඹ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයා ලෙසින් ජනාධිපතිවරණ අපේක්ෂයකයා ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් තමන් ඉදිරිපත් වන බවත්, ඊට සහයෝගය අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ හමුව ආරම්භයේ දී සඳහන් කළ බව සාකච්ජාවට සහභාගී වූ එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ප්‍රකාශ කළේය.
එජාප ජ්‍යෙෂ්ඨයන්ගේ මෙම හමුවට නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වී නොසිටියේය. මෙම හමුවේදී රාජ්‍ය ව්‍යවසායක හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය සහ සභා නායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පක්ෂයේ සභාපති මහාමාර්ග සහ ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාට දිගින් දිගටම දෝෂාරෝපණය කිරීම හේතුවෙන් එජාප සභාපතිවරයා රැස්වීම අවසන් වීමට පෙර එයින් පිටව ගියේය.
පක්‍ෂ නායකත්වය ගන්නා තීරණ වලට එරෙහිව ක්‍රියා කරන්නේ නම් එක්සත් ජාතික පක්‍ෂ ධුරයෙන් ඉවත්ව කටයුතු කරන ලෙස ද අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා අමාත්‍ය කබීර් හෂීම් මහතාට දැඩි දෝෂාරෝපණයක් එල්ල කරමින් චෝදනා කර තිබේ.
පක්‍ෂ නායකත්වය ගන්නා තීරණ අනුව පාර්ලිමේන්තුවේදී ක්‍රියාකිරීමට නොහැකි නම් තමා සභා නායක ධූරයෙන් ඉවත්වන බව සඳහන් කර ඇති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා එදා අගමැති නම් කළ විෂයන් තමන්ට දීමට විරුද්ධ වූයේ පක්‍ෂ සභාපති කබීර් හෂීම් මහතා යැයි ද එහිදී සඳහන් කර තිබේ.
පක්‍ෂ සභාපති ධුරයේ රැඳී සිටිමින් ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමටද කබීර් හෂීම් මහතා ගිය බව සඳහන් කළ ලක්‍ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා දිස්ත්‍රික්කයවත් ජයගැනීමට නොහැකි අයෙකු ලෙස කබීර් හෂීම් මහතාගේ ක්‍රියාකලාපය තමන් කිසි ලෙසකින්වත් අනුමත කරන්නේ නැතැයි ද සඳහන් කළේය.
මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ සියල්ලටම කලින් පක්ෂයේ විනය ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත් වන බවයි.
එක්සත් ජාතික පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ මෙම සාකච්ජාව සඳහා ගාමිණී ජයවික්‍රම පෙරේරා, ජෝන් අමරතුංග, රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, සරත් ෆොන්සේකා, මලික් සමරවික්‍රම, රංජිත් මද්දුමබණ්ඩාර, දයා ගමගේ, යන අමාත්‍යවරුන් සහභාගී වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනය කියන්නේ බැංකු හොරුන්ට පට්ටම් දෙන එකද? රට කාපු කාලකණ්ණි...
රනිල් සර්, බැරිවෙලාවත් සජිත් ජනාධිපති වුනොත් කිලි මහරජා සර්ට මොනවා කරයිද දන්නේ නැහැ. සජිත්ට ටොක්කක් ඇනලා කට වහන්න සර්. නැත්නම් අපිට තමයි කෙලවෙන්නේ...
මේ ප්‍රශ්නේ විසඳන්න බැරි මිනිස්සු කොහොමද රටේ ප්‍රශ්න විසඳන්නේ?
තාත්තා ජේ. ආර් ගෙන් ඇහුවා වගේ දෙනවද නැද්ද? මට මහබූරුවා තරගෙට යන්න...
රනිල් - සජිත් දෙන්නටම ඕනේ පක්ෂය දිනවන්නත්, රට හදන්නවත් නෙවේ. තමන් මුදුනා කියලා පෙන්නලා තමන්ගේ බලය රැකගන්න. පොදුසතුරා තේරුම් ගන්නවත් තමන්ට තනියම දිනන්න බෑ කියලා මේ දෙන්නටම තේරෙන්නේ නෑ. දෙන්නම දේශපාලනයෙන් විශ්‍රාම ගියානම් තමයි පක්ෂෙයි, රටයි දෙකටම හොඳ. පක්ෂය සමගි කරන්න පුළුවන් මිනිහෙක් එතකොට හරි දේ කරාවි. දෙන්නම කරුණා කරලා විශ්‍රාමයන්න...
මේ ආණ්ඩුවේ වැඩ පිළිවෙලේ අසාර්ථක බව පෙන්නන්න මීට වඩා උදාහරණ කුමකටද? ආණ්ඩුව ඇතුලේ ආණ්ඩුවේ ප්‍රධානියා ජනප්‍රිය නැත්නම් රටේ මිනිස්සුන්ට ඔහු පේන්න බැරි බව නොතේරේද?
සජිත් මැතිඳුනි, ඔය කියන දේවල්වලට එකඟ වෙන්නත් එපා.. රනිල් එක්ක සාකච්ඡාවලට යන්නත් එපා. මේ අය මෙරට විනාශ කරන උගුල් අටවන පක්ෂයේ සාමය නැතිකරපු හදවතක් නැති මිනිසෙක් මිස නායකයෙක් නොවෙයි. ඔහුගේ එකම ඉලක්කය ගෝඨා බලයට ගෙනඒමට මග පැදීම මිස රට ගැන සිතා තීරණ ගැනීම නොවෙයි ඔහුගේ සිත දූෂිතයි.
සජිත් ආවොත් රනිල්ටත්, රවිටත් අඩු ආදායම්ලාභී ගෙවල් හදලදෙයි වැලිකඩින්...
යූ.එන්.පී. එක බේද භින්න කරන්න පිදුරු දාන්නේ ජනාධිපතිතුමා හා ඔහුගේ පක්ෂයයි. මෙය අගමැතිවරයාගෙන් පළිගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව පෙනේ. සංහිඳියාව පැනලා ගිහිල්ලා. සජිත්ව අල්ලන් වෛරය වපුරනවා. ජනාධිපතිවරණයට නියම සුදුස්සා කරු ජයසුරිය මහත්මායි. අනිත් ඩබලම වැඩක් නැත. ශ්‍රී.ල.නි.ප අපේක්ෂකයා සජිත් බව පැහැදිලියි. එයට පාර කපා ගැනීම.. රැලිවල නියම අරමුණ බව වටහා ගන්න. හරි අතට යන වග කිව්වත් යන්නේ කොහෙටදැයි දැන් පැහැදිලියි. බලය ලබා ගැනීමට ඕනෑම දුප්පත් වැඩක් කරන බව මින් පැහැදිලි නොවන්නේද?
එක්සත් ජාතික පක්ෂයේ පසුගිය සම්මේලනයේදී සජිත් ප්‍රේමදාස කියා සිටියේ මීලග ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති පුටුවේ වාඩි කරවීමට සියලු කැපකිරීම් කරන බවයි. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති පුටුවේ වාඩි කරවන බව කියූ සජිත්ගේ අද හැසිරීම පාක්ෂිකයින්ට ගැටලුවකි.
මේ රටේ දුප්පත් මිනිසාගේ ඉඳලා පෝසත් මිනිසා දක්වා මොන කෙනෙකුගේවත් සිත් සතන් හඳුනා ගන්න බැරි නම් මොනවද රටට ඔහුගෙන් ඇති වැඩේ...? ඡන්දෙට අවොත් රනිල්ට මෙදාපාර යූ.එන්.පී. ඡන්දත් ලැබෙන්නේ නැහැ.
සජිත් ඉදිරිපත් නොවී ගොඩයන්න පුළුවන් කමක් නොමැත... මේ රටට..
සජිත්, රනිල් හා මහින්ද, ගෝඨාභය, මෛත්‍රී යනු එකම හොර කණ්ඩායමක පාර්ශව තුනකි. මහජනයා එය තේරුම් ගන්නා තුරු අවුරුදු 71ක් වැටුණු වලේ තව අවුරුදු 5ක් වැටේවි. අහෝ ඉන්න හිතෙන රටක්...
ජ්‍යෙෂ්ඨයින්ගේ පිරිස දිහා බැලුවහම හිතාගන්න පුලුවන් ලැබෙන පරාජයේ තරම.. සජිත් කළයුත්තේ වෙනම පෙරමුණකින් ජනාධිපති සටනට පැමිණීමයි. රනිල්ලා, කිරිඇල්ලලා, රවීලා ජනතාවට පේන්න බැරි පිරිසකි.
ඔක්තෝබර් දින 52 හුටපටයේදී රනිල් අරලියගහ මන්දිරයේ නවත්වා ගනිමින් ගෙනගිය දැවැන්ත අරගලයේදී ඔහුට සහාය වූ එජාපයේ බොහෝ දෙනෙකුට එදා දුන් පොරොන්දු එම අලකලංචියෙන් බේරුණාට පසු අමතක කළ බවයි ඒ අයගේ මැසිවිල්ල. ඒ වෙනුවට රනිල් එම අරගලයේදී පැත්ත පළාතකවත් නොසිටි "පරණ ගජ මිතුරු සන්ධානය" නැවත වතාවක් තුරුළු කර ගනිමින් පුරුදු පරිදි "ඉබිගමන" ගෙනගිය බවයි ඔවුන් කියන්නේ. රනිල්ගේ අභාග්‍යය ඔහුගේ ඇති මහන්තත්වයයි. ගමේ ගොඩේ පාක්ෂිකයින් ඔහු හඳුනන්නේ නැත. රෝයල් බහුමානයෙන් ඔලුව කුරුවල් කරගෙන ඉන්නා ඔහුට ඉන් ඔබ්බට දෙයක් පෙනෙන්නේ නැත. කාලයට උචිත දේශපාලනයක් කරන්නේ කොහොමද කියා ඔහු දන්නේ නැත. ගම්මට්ටමේ යුඑන්පී කාරයාගේ හදගැස්ම දන්නේ මම යැයි උඩපනිමින් කෑකෝ ගසන සජිත් ගමේ ගෙදරකට කිසිදාක ගොඩවැදී නැත. ඔහුගේ ලෝකය හම්බන්තොට තිස්සමහාරාමය මායිමෙන් කොටුවූවකි. ඉන්එහා ජීවත්වෙන මිනිසුන් ගැන ඔහු දන්නා මළ ඉලව්වක් නැත. පන්සල් දාස් ගණනක් හදනවා කීවාට ඒ පන්සල්වල කිසිවෙක් ඔහුට ඡන්දය දෙන්නේ නැත. ඒ වෙනුවට ඔහු කරගන්නේ මුස්ලිම් හින්දු භක්තිකයින් තොගපිටින් උරණ කරවා ගැනීමය. මේ වෙලාවේ එජාපයට හොඳම කෙනා කරු ජයසූරියයි.
දැන්මම බල තණ්හාවෙන් වැඩ කරන සජිත්ට වැඩිය කරූ හරි, සරත් ෆොන්සේකා හරි හොඳයි. සජිත් කියන්නේ ලක්ෂ 36,000ක් වියදම් කරන්න අනුමැතියක් ගන්න ඕනෑ කියලවත් දන්නේ නැති මනුස්සයෙක්.
සජිත් පුතේ යනකොට දිග කලිසමක් එහෙම අන්දලා තව කවුරුහරි එක්කලා යන්න, කල්පනාවෙන්...
සජිත් හොම්බට ඇනලා වගේ ජනපති අපේක්ෂකකම ගන්න බලන්නේ.... ඊට ඉඩ නොදේවි යනු අපේ විශ්වාසයයි.
රනිල් සජිත් සුසංයෝගය = ඉදිරි අවුරුදු පහත් කුලල් කා ගැනීම... කරු රනිල් සුසංයෝගය = රූකඩ නැටවෙන පාලනයක්...
පක්ෂයේ තීන්දුව දීමට පෙර මමයි ජනපති අපේක්ෂකයා කියමින් සංවිධානාත්මක පිරිසක් සමග ජනරැලි පවත්වමින්ද අනවසරයෙන් යම් මුදලක් වියදම් කර එසේ කළේ ඇයි කියා ප්‍රශ්න කල විට අවසර ලැබෙනතුරු හිටියොත් වැඩේ කරන්න කල්යනවා යයිද කියන්න තරම් බලලොභියෙකුට රැවටෙන බුද්ධි හීනයන්ගේ ඡන්ද පදනම කේවල් කර තම බලලෝභය තෘප්ත කරගන්න හදන පක්ෂයේ විනය කඩකරන්නෙකුට හා ඔහුගේ පිරිසට රට බාර දුන්නොත් රට වැසියන්ට අබසරණය. වත්මන් පාලනයට පෙර හිටි ජනපති සතු වූ අසීමිත බලය යොදවා තම ආත්මාර්ථකාමී බලලෝභය නිසා නිදහස් ජනවිඥාණය සමුලඝාතනය කල හැටි දන්නා රටවැසියන් අද බුක්තිවිදින මත දැරීමේ නිදහස නිසා ඒ නිදහස ඇතිකර දුන් ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ සාමාජික අගමැති රනිල්ටම අභියෝග කරන මුලින් සදහන් බලලොභින් වැඩිහිටියන්න්ට වඩා තරුණයින්ට හැකියාව ඇතිබැවින් වැඩිහිටියන් ඔවුන්ට රට භාරදිය යුතුයයි ද කියති. තරුණයින් ජව සම්බන්න වුවත් නිරෝගී පළපුරුදු වැඩිහිටියෙකු මෙන් ඒ පළපුරුදු අංශයෙහි තීන්දු තීරණ ගැනීමට නොහැකි බව බුදුන් වහන්සේ දේශනාකළ අවස්ථාවක්ද ඇත. පළපුරුදු නැති මේ පිරිස රනිල්ගේ උපදෙස් අනුව ජනපතිවරණය දිනා රටටත් කාටත් ශුභ අනාගතයක් ඇතිකරන්න. -
රනිල් කියන්නේ තවදුරටත් Mr. clean නොවෙන බව මුළු රටම දැන් දන්නවා. මහ බැංකු කොල්ලයට, D.S.J ගොඩනැගිල්ල කුලියට ගැනීම, පාස්කු බෝම්බ ප්‍රහාරය ඇතුළු සිද්ධි ගණනාවකට සෘජු වග උත්තර සැපයිය යුතුයි. මොහු දැන් ඡන්දයකට ගියහොත් ඉන් වැඩි වාසි ලැබෙන්නේ මොහුගේ අතිජාත මිත්‍රයින් වන රාජපක්ෂ රැලටයි. එමනිසා පසුව මොහු විරුද්ධ පක්ෂයේ සිටියත් මොහුව රාජපක්ෂලා මොහුට ඇති සියලු චෝදනාවලින් මොහුව ආරක්ෂා කරාවි යයි මොහු සිතනවා. ඉතිහාසයේ සෑම අවස්ථාවකම රනිල් සහ රාජපක්ෂලා ඔවුනොවුන් විසින් ආරක්ෂා කරනු ලැබුවා. අහෝ ! නීතිය ගරාවැටුණු, අපි වගේ සත්‍ය තේරුම් ගත නොහැකි මිනිසුන් සිටින රටකට යන කලක් ගැන සිතා ගනු නොහැකිය.
මහා බෙන්කු හොරකම නිසා එකසත් ජාතික පක්ෂය විනාස උන පාස්කු බෝම්බ සිද්දියේදී අන්තවාදීන් රෙකල පක්ෂය විනාස කරගත්ත
දෙන්නම කිසි වැඩක් නෑ. දෙන්න එක්ක කතා කරලා කරූ ව ඉදිරිපත් කරන්න.
සෙනසුරාදා වෙනකොට ආරංචි වෙන්නේ ඉරිදා පැවැත්වෙන රැස්වීමට සජිත් ප්‍රේමදාස මහතා සහභාගී නොවීමට තීරණය කර ඇති බවයි. ජේආර් බිත්තියට හෙත්තුකොට රණසිංහ ප්‍රේමදාස මහතා අගමැති තනතුර ගත්ත ආකාරයට සජිත් කරන්නේද, රනිල් වෙත දැවැන්ත බලපෑමක් ඇතිකර ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමටයි. තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙන බව පක්ෂයේ ජ්‍යෂ්ඨයින්ගේ රැස්වීමේදී රනිල් නිවේදනය කලපසු සජිත් පාර්ශ්වයේ සියලුදෙනා බොහෝ සේ කැළඹීමට පත්ව ඇති බවයි කියන්නේ. ඔවුන්හට දැන් සිදුව ඇත්තේ සජිත් පසුපස ගොස් අනාගතය විනාශ කර ගැනීමද නැත්නම් රනිල් සමඟ එකතුවී අනාගතය රැකගනිමද කියා සිතා බැලීමටය."විශේෂයෙන්ම සිකුරාදා පැවති රැස්වීමේදී කබීර් හෂීම් ලක්ෂ්මන් කිරිඇල්ලගේ දැවැන්ත ප්‍රහාරයකට ලක්වීමත් කිරිඇල්ල විසින් කබීර්ගේ ඩීල් හෙළිකරමින් කළ චෝදනාවලට කබීර් කිසිදු පිළිතුරක් නොදීමත් නිසා බොහෝදෙනා තුළ දැඩි කළකිරීමක් ඇති කර ඇති බවයි" කියන්නේ. පක්ෂය තුල සජිත්ට වැඩි ඉල්ලීමක් තිබේනම් ජ්‍යෂ්ඨයින්ගේ රැස්වීමේදී එබැව ඔප්පුකර පෙන්වා ජනාධිපති අපේක්ෂකත්වය එහිදීම තහවුරු කර ගැනීමට හැකියාව තිබු බවද ඔවුන් කියති.මෙනිසා ඉරිදා රැස්වීම නොකෙරෙන බවයි කියන්නේ.
මේ මංගලගේම කතාවක් අනුව.. අසූව දශකයේ අග භාගයේදී මට මතකයි සිරිමාවෝ මැතිණියට විරුද්ධව අනුර බණ්ඩාරනායක මහතා ගෙන ගිය වැඩපිළිවෙළ එදා මැතිණිය නායකත්වය දාලා ගියේ නැත්තේ ඒකට තියෙන ලෝභකම නිසා නෙවෙයි..., හරි නායකත්වයක් නොමැතිව නායකත්වය හැරයාමෙන් පක්ෂය අරාජික වෙන්න පුළුවන් අවදානම තේරුම් අරගෙනයි. අද රනිල් වික්‍රමසිංහ මහතාට යන්න ඕනේ කියන වැඩිදෙනා පොහොට්ටුකාරයෝ... මට මතකයි 1998 - 99 වකවානුවේ දී චන්ද්‍රිකා ජනාධිපතිනිය දෙවැනි වරට ජනාධිපතිධුරය වෙනුවෙන් තරග කරන කාලේ මමයි රනිල්ට බෑ කියලා පෝස්ටර් ගැහුවේ ගමක් ගමක් ගානේ... ඒ මොකද අපි දැක්කා රනිල්ට ඇත්තටම පුළුවන්, අපට සිටින ලොකුම අභියෝගය එයා කියලා. ඇත්තටම එහෙම අභියෝගයක් නැත්තං ඇයි අපි බෑ කිය කියා පෝස්ටර් ගහන්නේ... ඒ වගේ තමයි අද තත්වයත්. ඒක නිසා ඉතාම පැහැදිලියි මීළග ජනාධිපතිවරණයේදී ඊට සුදුසුම අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා විතරමයි කියන දේ මම කියන්න කැමැතියි. ගැලරිය පිනවන්නේ නැතුව රට ගමන් කළ යුතු සැබෑ දිශාව දන්නා නායකත්වය ඔහුයි. එසේ කියා මාස දෙකකින් මංගල සමරවීර අංශක 180 කින් ආපසු කරකැවීමට හේතුව ඒ කාලය තුළ වෙනස් වූ දේශපාලන තත්වයක් නිසා නොවන බව නම් විශ්වාසයි... වගේම එය බලා සිටිය නොහැකි තරම් ජුගුප්සාජනකය...
තිත්ත කෝපි, ආප්ප එහෙම ගෙනැල්ලා තියෙයිද? නැතිනම් කොළඹ හතේ ස්ටයිල් එකට කොක්ටේල්ද?
සජිත් වගේ කෙනෙක් ජනාධිපති කරන්න ඕනේ කියන මිනිස්සු ගැනත් අපිට හිතාගන්න පුළුවනි. අපේ රටේ ජනාධිපති සජිත් කියලා කටඇරලා කියන්නේ කොහොමද...?